ශේර් සන්සාර ධර්මරාජ් තරුණ මහතාට නිවන්සුව ලැබේවා...
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. උපත විපත
2005.11.09 2024.11.19අනිච්චාවත සන්සාරා
රාජකීය විද්‍යාලීය ගණිතය අංශයෙ ඉගෙනුම ලැබූ ශේර් සංසාර ධර්මරාජ් සිසුවාට මොක් සුව පතමු
වයධම්මා සන්කාරා..
ඇස් පිය ගහන මොහොතින් තාප්පෙ දිගට එයගෙ නමින් බැනර් එල්ලුනා.. අයියාල අතින් කැපෙන සුදු ඉටිකොළ පාර දිගට එයාගෙ නමින් හැඩ උනා.. පාලම් කොඩි ඒ මේ අත ලෙලදුනා.....
ඊයේ උදෙත් හුස්ම වැටුන මගෙ මල්ලි දැන්වෙද්දි මිනිය කියන නමට මාරුවෙල තිබුනා.. සාලෙ මැද ලොකුම ලොකු ෆොටො එකක මල් මාලයක් එල්ලි එල්ලි තිබුන...
අනෙ අපොයි අපරාදෙ...
පොඩි කොල්ලෙක් අපරාදෙ...
තරුන ජිවිත අපරාදෙ..
අකල් මරණ මෙව්ව පව් අප්පා...
19ලු වයස.. ඔය වයස නපුරුයි කියන්නෙ බොරුවටද ....
නහරයක් පුපුරලාලු පපුව අමාරුවක්ලු .... හරියට කියන්නැ එකක්
අපරාදෙ පව්ලට කොල්ලෙක් නැති වෙනව කියන්නෙ ඉතින් අපරාදෙ ....
ලස්සන කොල්ලා බලන්න දුකෙ බැ කදුලු එනවා...
ඉගෙන ගන්නත් පුදුම දක්ශයිලු අර ස්කෝලෙන් ආව ටීචර්ලා කියවන්නෙ...
අපලයක් තිබිලලු...
හූනියමක් තිබිලලු...
දවසලු මිනිය තියාගන්නෙ... සෑහෙන්න තැලිලලු...
ඔලුවමලු වැදිල තියෙන්නෙ..
අම්මල තාත්තල කෝම දරාගන්නද මේව..
අම්මල අප්පල ඉද්දි දරුව් මැරෙනවා කියන්නෙ පුදුම කරුමයක් තමයි...විටක් හපන තේ එකක් තොල ගාන සූ ගෑවිල්ලෙ පිරුනු මිනිස්සු අතරෙ සෑහෙන කටකතා පැතිරෙන ගහන් තිබුනා .
ජීවිතෙ මොන තරම් ඉක්මනින් වෙනස් වෙනවද කියන කාරනාව උඩ මට සංසාරෙම එපා වෙලා ගිහින් තිබුනා.. ඊටත් වඩා අම්මගෙ අදෝනාව තාත්තගෙ නිහැඩියාව ඉස්සරහ මට බලාන ඉන්න බැරුව ගියා.. එයාව ගෙනල්ලා පැයක් හමාරක් ගෙවෙන්න ඇති ... මුලු ගෙදරම ෆෝමලින් ගද වහන්න ගහපු මිනි සෙන්ට් එකෙ ගදින් වැහිල යද්දි ඉහ උඩින් පත්තු කරපු පහන නිවෙන්න නොදි මිනිය ගාව තනි රකින විද්නාල් ගාව මගෙ ඇස් නැවතුනා.. මල්ලිව ගෙනාවත් හරි විද්නාල් එතනින් හෙල්ලුනෙවත් නැ එයගෙ හැගීම් මොන වගෙද කියන්න මට තවමත් තේරුන් ගන්න බැරුව ගියා... මෙ වෙනකල් එ ඇස් වලින් කදුලු වැටෙනව මම දැක්කෙ නැ.. එක්කො මට පෙනුනෙ නැ.. මුලු මලගෙදරම වැඩ කරට අරගන හැමදේම කළෙ එයා . සමහර විට එයාට අවසන් මොහොතෙදිත් පුළුවන් උපරිම කරන්න ඕන වෙන්න ඇති . ඒත් එයගෙ හිතත් දන්නව ඇති . දැන් මොන දෙ කරත් අපෙම හිත් වලින් අපිට පැනල යන්න බැරි වග...
