CHAPTER 12

7.4K 559 381
                                    

අභී pov

"උදේම සෙතුකයා ගෙදර ඇවිත් මාවත් ඇදන් beach එකට ආවා.මම හිතුවේ වෙනද වගේම අපි දෙන්න විතරයි කියලා ඒත් එතන අපේ උන් ඔක්කොම ඉන්නවා නිකන් නෙමේ Red label බෝතල් දෙකකුත් උන් අතේ තිබ්බා.දැක්ක ගමන් කියන්න පුලුවන් උන් මොකටද එන්නෙ කියලා.හැම මාසෙම අන්තිම සතියෙ ඉරිදා කියන්නේ නප්පියටම වැදිලා ගෙදර යන දවසක්.මම ඈත තියාම දැක්කේ මගේ පලවෙනි ආදරේ මගේ පුංචි සුරංගනාවි නිකන් නෙමේ එයාගෙ අත තවත් අත් ගොබේක පටලන් හිටියේ .ඒ පටලන් ඉන්න අත් මට කියන්නෙම ඒ පුංචි සුරංගනාවි මගේ කියලා නෙමෙයි වෙද්දි මම ඊට එහාට ඇස් අරන් ගියා.ලහිරුවා ඉන්නවා බෝතල් දෙක බදාගෙන.ඌට බොන්න පුලුවන් රෙද්දක් .ඕකා පඩියා වගේ කිව්වට එක ශොට් එකෙන්ම down .මට ඌව දැකලා හිනා යන්න එද්දි මම ඊට එහා බැලුවා.මගේ ඇස් හොයපු රූපේ එතන නෑ.ඒත් එයා ඉන්න ඕනනේ .කෝ එයා.මගේ සුදූ කෝ බන් උබ.මගේ හිතම එයාව හොයද්දි මම තව ටිකක් ඇස් එහාට අරන් ගියා.මගේ හිතම පිරිලා ගියා.එයා ඉන්නවා මගේ නැට්ටුක්කාරයා .එයා ඈතට යන රැල්ල ලගට යනවා ආයේ ලගට එද්දි පස්සට දුවනවා."

පොඩි එකෙක්ගෙන් ආදරේ කොහොම බලාපොරොත්තු වෙන්න ද?

මොකක් ?

"මට මොහොතකට අමතක උනා සෙතුකත් මම ලගම ඉන්නවා කියලා.කොහෙ මතක් වෙන්නද හුරතලයෙක් ලග හිත නැවතුනාම.මම ඇස් වලින් මුකුත් නෑ කියලා ඌවත් ඇදන් අරුන් ඉන්න තැනට ආවා."

අම්මේ ඇති යන්තන් උබලා ආවා .තව ටිකක් වෙලා බලලා මම පොලිසි යන්න හැදුවේ.

මොකටද?

ගව සම්පත ආරක්ෂා කරගන්න එපැයි?

මම කිව්වා කියලා හිතා ගනින් මූසල ලබ්බා

"සෙතුකයාව දැක්කම හැමවෙලේම ඌව අවුස්සන ලහිරු ඌව අවුස්සන්න ගද්දි මලපැනපු සෙතුක ශාක්‍ය ඉන්න පැත්තට ගියා.මටත් යන්න ඕන ඒත් ඌ මාව දකින්නෙ තිරිසනෙක් ගානටනේ.මේ තිරිසනා ලගත් ආදරේ තියෙනවා බන්.දැන දැන රැවටුනේ බොරුවට හරි උබ ලග මම වෙනුවෙන් ආදරේ තිබ්බ නිසා.උබ නොදන්නවා උනාට මේ හිත අවුරුදු ගානක් තිස්සෙ ආදරේ හොයනවා.වේලුනු පැළයකට උනත් වතුර බින්දුවක් කියන්නෙ ලොකු දෙයක් මගේ සුදූ .මම හිමීට ඇවිදන් හිමාරලා වාඩිවෙලා ඉන්න ගල ලගට කිට්ටු උනා.ලස්සනයි අද එයා වෙනදටත් වඩා ලස්සනයි .තනිසුදු දණහිසට උඩින් වෙන්න තියෙන ගව්මට white Nike shoes දෙකක් දාපු එයා වෙනදට වඩා හුරතල් පාටට පේනකොට මගේ හිත නොදැනිම ඒ ඇස් එක්ක පැටලෙන්න හැදුවා වගේම

"මගේ හිතුවක්කාරයා"Where stories live. Discover now