02 කොටස

657 52 532
                                    

" කදිරා අනිත් එවුන් එක්ක විජහට වර තෝ පොල් ගානවද. අරුන් ගේ පවුලේ එකෙක් ඇරෙන්න අනිත් එකෙක්වත් ඉතුරු වෙන්න බැ....විගහට.."

" ඉන්ට ඉන්ට ගුරුන්නාන්සේ මේ එනවා මේවා ඉක්මන්ට කරන්න ඔනි වැඩ නෙවෙ නොවැ....."

ශ්වෝන් කියවුවා වගේ මේ මිනිස්සු එකාට එකෙක් නැ .පවුලේ එවුන් විනාශ වෙලා යන වැඩක් කරන්නේ. මේකේ ඉන්න එවුන් කටේ එකයි හිතේ එකයි තියාගෙන කතා කරන එවුන් ඉන්නේ.හොදට ඇදලා කරලා කලා බීලා සතුටින් ඉන්නවනම් මුන්‍ට ඇහේ කටු අනිනවා. අනේ ඔහොම හරි ගොඩ පලයන් කියවුවට හිතේ තියෙන්නේ මුන්ට කොහෙන්ද එච්චර හරියක් මොකෙක්ගෙන් හරි ගත්තු ඒවා වෙන්න ඇති වගේ කුප්ප අදහස්.තව මනුස්සයෙක් ගේ දෙයක් හොයන්න තියනවනම් තමන්ගේ ඇහෙ තියන රොඩ්ඩවත් උන්ට පෙන්නැ.ඒත් අපි දන්නවා උන්ගේ කැරැට්ටුව.දිකන්දේ ඉන්න මිනිස්සු අනුන්ගේ දෙවල් හොයන්න හරි දක්ශයි වෙන එකෙක්ගෙ ගෙදර වෙන දෙවල් තව එකෙක්ට කියලා උගේ ගෙදර තියන කේලන් ටික තව එකෙක්ට කියනවා.මේ ගම් වල ඉන්නේ කෙලින්ම රොයිටර්ලා.

මේ කට්ටියත් මේ යන්නේ තවත් අහිංසක පවුලක් විනාශ කරන්න.මහ කලුවරෙම මුන් දෙන්නා යන්නේ කනත්තට මල මිනියක් ගොඩ ගෙන පිල්ලියක් යවන්න.ඇත්තටම පිල්ලියක් කියන්නේ තමන්ගේ තරහ කාරයෙක්ට යවන අමනුශ්‍ය බලවේගයක්. මේ පිල්ලි යවන වැඩේ හරි බයානක වැඩක් මේ වැඩේ ටිකක් හරි වැරදුනොත් මේ පිල්ලිය කරපු කෙනා පස්සේ එන්න ගන්නවා එතකොට ගැලවෙනවා කියන්නේ බොරු වදින්න ගිය දෙවාලේ ඉහේ කඩන් වැටෙනවා වගේ වැඩක් ඒ වගේම මන්තර බලයෙන් මළ සිරුරට පන දෙන්න පුලුවන් කියන්න ජන්ප්‍රවාද වල සදහන් වෙලා තියනව.සුනඛ පිල්ලිය, කුකුලු පිල්ලිය, මළ පිල්ලිය, නාග පිල්ලිය වැනි පිල්ලි ගොඩක් තියනවා.

"කදිරා උබ මේ ගොක්කල වැල අරන් කොටුවක් වගේ මෙක එල්ලපන්.ඔය අනිත් උන් දෙන්නා මේ පහන් කනු හතර හිටවපල්ලා ගොක්කොල වැල බැදලා ඉවර උනාට පස්සේ.මන් මේ තට්ටුව ලැස්තී කොරන්නම්.ඒ ලැස්ති කරාට පස්සේ මන් මතුරද්දි උබලා වල කපලා මිනිය ගොඩට ගන්නිල්ලා......හ්ම් හ්ම් විජහට..."

මහා එකා අන දෙන ගමන් උගේ ගෝල බාල හැත්ත අරුන්දා කියාපු විදිහට වැඩේ කරන්න පටන් ගත්තා ගොක්කෝල කොටුවක් හැඩෙට එල්ලලා පහන් කනු හතරත් හිටවවුවා.ඒත් එක්කම වගේ ගුරා තට්ටුව ලැස්ති කරලා මන්තර ජප කරන්න ගන්නවත් එක්කම අරුන් වල කපන්න පටන් ගත්තා.මිනි පෙට්ටි ගොඩට ඇරන් එකේ වහලා තිබ්බ පියන අරිනවත් එක්කම ගුරා මිනිය ගාවට ඇවිත් මතුරන්න ගත්තා ඒත් එක්කම වට පිටාවේ හුලන් සැර එන්න එන්නම වැඩි වෙන්න ගත්තා

කඩවර යක් හෝරාව Where stories live. Discover now