01 කොටස

1K 49 277
                                    

අවුරුදු තුනකට කලින් ගියා ගියාමයි මන් හිතුවේ නැ මට ආයේ මේ ගමට එන්න වෙයි කියලා.බස් එකෙන් බැස්සත් හරි මට හෙන මූසල ගතියක් එනවා ඉස්සර ඉදලම ඒක තියනවා.මේ ගම අමනුස්සයන්ගෙන් පිරිලා තියන නිසාද කොහෙදෝ හරි අදුරුයි තේක්ක ගස් ,තේ ගස්,පොල් ගස් ,රබර් වතුවලින් වටවෙලා තිබුන නිසාත් කිසි එලියක් වැටෙන්නැ දවල්ටත් නිකන් රෑ වගේ. අපේ පවුලේ අයටයී මටයි මෙහෙ ඉන්න බැරි නිසා අපි මෙහෙන් ගියා.ඒකට හේතුව අමාවක දවසට මගේ හැසිරීම වෙනස් වෙනවා ඒ කියන්නේ මට මහසෝන් බැල්ම වැටිලා තියෙන්නේ මේකට මොනදේ කරත් හරි ගියේ නැ බැරිම තැන සුරයක් බැන්දා එත් ඒකෙනුත් වැඩි කල් ආරක්ශා වෙන්න උන්නැ . උ හැමදාම ඇවිත් වද දෙන්නේ ආපහු ගමට පලයන් කියලා ඒ කරදරේ නිසාම තමා ජොබ් එකෙනුත් ට්‍රාන්ස එකක් හදාගෙන මන් මෙහේ ආවේ අපේ පවුලේ අයත් තව ටික දවසකින් මෙහෙමෙ එනවා කියවුවා ඒත් වැඩි කැමැත්තක් නෑ.මන් යන්නේ ලොකු තාත්තලාගේ ගෙදර.දික්කන්ද වලවුව කියපු ගමන් ඔනි කෙනෙක් දන්නවා ඒ වලවුවත් ගම වගේම මුසලයි හැබැයි ඒ මුසල වලවුව අතරින් දිලෙසෙන මැණිකක් ඉන්නවා වෛශාක්‍ය පෞර්ණිම පළිහවඩන පුංචි කාලේ ඉදලා මට මහසෝන් බැල්ම වැටිලා ඩෙගා නටද්දි මෙයා ලග විතරයි මන් ටිකක් හරි සන්සුන් උනේ ඒත් අනිත් අයට හැරෙන්නවත් බැ මගෙත් එක්ක ඒ වෙලාවට මටවත් මතක නැ මොනාද වෙන්නේ කියලා.මීට ටික කාලෙකට කලින් මහසෝන් කරදරෙන් බෙරෙන්න මන් මැරෙන්න ගියත් එයා මට වඩා බලගතුයි .

මන් මේ දැන් යන්නේ රබර් වත්තක් මැදින් ඒ ගියත් මොකද මට හරි අමුතුයි .මගේ පිටි පස්සෙන් නිකන් කවුරු හරි එනවා වගේ අඩි සද්ද ඇහෙද්දි මට හීන් දාඩිය දැම්මා මොකද මේ වෙලාවට මේ පැත්තෙන් කවුරුත් යන්නැ (12:00 රෑ )ඒ අස්සේ හිනාවෙන හඩවලුත් ඇහෙන්න ගත්තේ මට චූ බරත් ලෝඩ් වෙද්දි. ඒකත් ටික වෙලාවකින් මට දැනුනා කවුරු හරි මගේ පිටි පස්සේන් හිටන් ඉන්නවා කවුද කියලා බලන්න ඕනි කමට මන් අත යටින් බැලිවේ එක පාරටම බලලා ජබර කලන්තේ දාන්න ඔනී නැති නිසා. වුකනවා දාලා යකෝ මෝහිනී ලමයත් වඩාගෙන මගේ පිටි පස්සේ .

" අනේ අක්කේ දැන්නම් වැඩ අල්ලන්නත් බෑ බබා වඩා ගන්නත් බෑ පිස්ස්ස්ස්ස් ඔයා යන්න ....."

කඩවර යක් හෝරාව Where stories live. Discover now