මම ශේර් සංසාර ධර්මරාජ්
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. උපත විපත
2005.11.09 2024.11.19සුරේන්ද්‍ර ධර්මරාජ්ගෙ බාල පුතා.. තත්පර දෙක තුනකට පහු වෙලා ඉපදුන නිසා ධර්මරාජ් පව්ලෙම බාලය උන කොල්ලා..
සැප සම්පත් යාන වාහන සල්ලි ඉඩකඩම් රූපෙ කුල මල හැමදේම ඉතිරෙන පව්ලක බාල පිරිමි පුරුක වෙච්ච මං දිහා පිටත ලෝකෙ ඉදන් බලන මනුස්සයෙක්ට නම්...
මම තරම් සැප ජිවිතයක් ගෙවන එකෙක්ව දැකල නැ කියල හිතෙනව ඇති ...
එත් ශේර් කියන්නෙ ගතට සැනසුම් දහසක් ලැබුනත් හිතේ සැනසීමක් හොය හොයා එක එකා ගාව දනින් වැටුන මිනිහෙක්...
කොටින්ම දැනෙන එකා ගාව බල්ලෙක් ගානට චාටර් උන කොල්ලෙක්...
අවසානෙ මැරෙන මොහොතෙ පවා පපුවට දහ දුකක් විදින්න දීලා පණ ඇරපු කොල්ලෙක්..
ඉපදුන දා ඉදලා තනියම ඉන්න ආස කරපු.. තමන්‍ටම පාලනෙ කරගන්න බැරි තරහව නිසම යාලුවො හදාගන්න සමාජ ගත වෙන්න බය උන.. පව්ලෙ අයට පවා ලන් වෙන්න බය උන...පුළුවන් තරම්ම අම්ම තාත්තව පව මග ඇරල ඉන්න උත්සහ කරපු පුන්චි කාලෙ ඉදලා තමන්ට තමන්ව තේරුන් ගන්න බැරි උන කොල්ලෙක්..
පොඩ්ඩ පොඩ්ඩ ලොකු උනා.... මම හිතුවක්කාර උනා.. මුරන්ඩු උනා... අයියයි මමයි අතර අහසට පොළව වගෙ තියන වෙනස නිසාම මට අම්මගෙ තාත්තගෙ ආදරේ වෙනසක් දැනෙන්න ගත්තා...
මං දන්නැ මට දැනෙන විදිය හරිද වැරදිද.. ඒත් අම්මගෙන් තාත්තගෙන් දවසට දෙතුන් වතාව ගුටි කන මට කවදාවත් ගුටියක් කාල අයිය අඩනව දකින්න ලැබුනෙ නැ.. බැනුම් අහලා අයිය දුකින් ඉන්නව දකින්න ලැබුනෙ නැ... පුන්චි කමටදො මම එ කාලෙදි හිතුවෙ අම්ම තාත්ත අයියටයි මටයි සලකන විදිය වෙනස් උනේ ආදරේ නැති නිසා කියල උනත්.....
