SHAKYA POV
අභී නවතින්න .ඔය අතේ ලේ බේරෙනවා මනුස්සයෝ .
"මගේ අතත් ගසලා දාලා අභී ground එකට යද්දි තමයි මම දැක්කේ ඒ තුවාලේ පෑරිලා එයා යන පාර දිගේ බිම ලේ තියෙනවා.මම මේ කරන්නේ වැරැද්දක් ද? ඇයි මට බැරි අනිත් අයට සලකන විදියට අභීටත් සලකන්න .ඒ ලේ පාර දකින ඕන කෙනෙක්ගේ පපුව පැලෙන්න වගේ වේදනාවක් එනවා සත්තයි .මම ඒ ලේ පාර දිගේ දුවගෙන ගියා එයා පස්සෙන්න් .මගේ ලගින් එන ගෙජ්ජි සද්දේ නිසා එයා තව අඩිය ඉක්මන් කරා.එයා හරි නොසන්සුන් .මම දුවලා ගිහින් ඒ අතකින් අල්ලගෙන එයාට කතා කරා.විනාඩියක් නෑ ඊටත් වඩා වෙලාවක් කිසි කතාවක් නැතුව හිටිය එයා මම දිහා බැලුවා"
දෙයියනේ අභී මොකද මේ ?
"ඒ ඇස් රතට රතේ රතුවෙලා.ඒ ලේ පිරුනු මහත තොල් වේලිලා.එයාගෙ මුලු මූනම සුදු මැලිවෙලා .ඒ රූපේ ලග මගේ තරහ අමතක වෙද්දි මම එයාගේ මූණ දෝතට අරන් කතා කරා.එයාගේ ඇස් රැදිලා තිබ්බේ කෙළවරක් නැති අහස දිහාවට.එයා කල්පනා කරනවා.අහස දිහා බලන් කල්පනා කරන්න තරම් එයාට තියෙන ප්‍රශ්න මොනාද?මම හිමීට ඒ මූණ මගේ පැත්තට හරවගත්තා"
ඇයි මේ හිතුවක්කාරයෝ
"මටත් නොදැනී මම එයාට හිතුවක්කාරයා කිව්වා.දන්නෙ නෑ ඇයි කියන්න එයා දැකපු පලවෙනි දවසේ ඉදලා මට එයාව පෙනුනේ නහරයක් වැඩි හිතුවක්කාරයයෙක් වගේ.ඇත්ත එයා හිතුවක්කාරයෙක්ම තමා.එයාට ප්‍රශ්න ඇති ඒත් එයාගෙ හැසිරීම් කොහොමටවත් ගැලපෙන්නෙ නෑ.මම ඒ ඇස් අස්සෙ හිතලම පැටලුනා.මම දැන් දෙයක් දන්නවා එයා නිවෙනවනම් නිවෙන්නේ මගේ මේ දුඹුරු ඇස් එක්ක විතරයි .එයා ආයේ කල්පනා කරනවා .එයා තොල් ගැටගහන් මොනවහරි මුමුණන්න හදනවා ඒත් එයාට ඒක කරන්න බැහැ.අත නිසා වෙන්නනම් බෑ එයා මෙහෙම හැසිරෙන්නෙ ."
නිසල දියට ගලක් විසි කරලා ඇයි චලිත වෙන්නෙ අහන්න එපා ශාක්‍ය දෙව්සස් විජේවීර.
"එයාගේ වචන වලටත් වඩා මම ගැස්සුනේ එයා මගේ සම්පූර්ණම නම කිව්ව නිසා.එයාගේ කටහඩේ තිබ්බේ තරහවක් හරියට අනතුරු ඇගවීමක් .එයා මට අනතුරු අගවනවාද මේ? ආයෙත් එයා ඉස්සරහට යද්දි මම ආයෙත් ඒ අතේ එල්ලුනා.මම දන්නෙ නෑ ඇයි කියන්න ඒත් මට මේ හැගීම විස්තර කරන්න තේරෙන්නෙ නෑ"
