✒.22

713 123 52
                                    

මල්ලි යන දිහා ගේට් එකෙන් එබීගන බලන් උන්න මම ගේට් එක වහල ලොක් කරලම දැම්මා... ගෙදර මම විතරයි ... මල්ලිගෙ බයික් එකෙ සද්දෙ තවමත් ඇහෙන මානෙ තියෙද්දි මම ඉක්මනින් ගෙට ඇවිත් දොරත් වහගත්තා...

අර සතාගෙ සද්දෙ මගෙ කන අස්සෙ දෝංකාර දෙනව තවමත්.. එ මුසලකම මගෙ මුලු හිතම වහගන.... අම්ම තාත්තත් මහ මග...

මගෙ හිත අමුතුයි...

මගෙ හිතට සැනසීමක් තියනව නම් ඒ මගෙ චූටි අයියම විතරක් උන නිස මම ෆෝන් එක අරගන එයාට මැසේජ් එකක් තිබ්බා..

" mm oylge gedr ennd.. mt tikk gedr inn byyi wge "

කොල්ලෙක් තමයි හැබැයි මිනිස්සු බය වෙන දේවල් තියනවා.. මටත් බය හිතෙන දේවල් තියනවා..

ඔය ගිය යෑමට මල්ලි එන්න නම් ගොඩක් රෑ වෙයි.. එය ගේන කැම කන්න මට වෙනමම නිදි මරන්න වෙයි...

උපන්දිනෙ පහු වෙල සතියකුත් ගියා.. අවුරුදු ගානකට කවමදාකවත් තෑග්ගක් තියා ටොපියක් වත් දෙන්න නොහිතුන කෙනාට අද තෑග්ගක් දෙන්න හිතිල...

ඒත් දැන් එයා දීල ඉවරනෙ යුතුකමක් විදියට මමත් මොනාම හරි දෙන්න ඕන. ඒත් මොනාද දෙන්නෙ.. එයා ආස ඉලෙක්ට්‍රොනික් කෑලි වලට ස්පෝට්ස් අයිටම් වලට එක එක අමුතු ගැජමැටික් වලට.. ඒත් එව්ව ගන්න පුළුවන් තැනක්වත් මම දන්නැනෙ.. දෙනව් නම් හෙටම දෙන්න ඕන.. නැත්තන් එය ගන්න එක්කුත් නැ .. මොනව උනත්.. හෙට නම් ගිෆ්ට් එක දෙන ගමන් එයාට ආදරෙයි කියල කියනවමයි.. මොකටද අපි ආදරෙයි කියන්න පසුබට වෙන්නෙ.. ආදරේ කියන්නෙ වරදක් නෙවෙයි...

ඩ්‍ර......... ඩ්‍ර්.........

My hby ♥️

එයා මට ප්‍රපෝස් කරපු දවසෙමයි මම එයගේ නම වෙනස් කළේ.. හස්බන්ඩ් .. මහත්තයා.... මගෙ හිත එ වචන වලට පිරෙනවා.. අවුරුදු 19ක් උනත් එ වචන වල මගෙ හදවතට දැනෙනවා...

එයගෙන් කෝල් එකක්....

" හෙලෝ අයියා.. "

" දොර අරින්න.. "

මොකක්.. මොන දොරද.. මෙ.. අපෙ දොර...

" අ..අපෙ..ද්.දෝර...?! "

" ඔව් ලමයො මම දොර ගාව... "

එයා දොර ගාව... අපෙ දොර ගාව එයා මොනා කරනවද..?

✒️. තුංමන් හංදිය Where stories live. Discover now