part-18

6.3K 311 20
                                        

එදා ලොකු අම්මව පොලිසියෙන් අරගෙන ගිහින් තිබ්බා...දැන් එයා ඉන්නෙ පිස්සු වාට්ටුවකලු...එයා සල්ලි නිසා පිස්සු වැටිලා...මිනිස්සු කොච්චර ලෝබද කියනවනම්..තමන්ගෙම පවුලෙ කෙන්ක්ව මරන්න දෙපාරක් හිතන්නෙ නෑ........

කාලය ටික ටික ගෙවිලා ගිහින් දැන් මගෙ බඩට මාස නවයක් ....මේ දෙසැම්බර් ...මගෙ චූටි පුතු පැටියත් දැන් එන්න එන්න ලොකු වෙලා...මගෙ බඩත් නිකම් පුපුරන්න වගේ....පුතා ගොඩක් ලොකු ඇති...ඔව් ඉතින් තාත්තා වගේම වෙන්න එපැයි...තත්තත් ඉන්නවනෙ යෝදයෙක් වගේ....මගෙ කකුල් ඉදිමිලා...බෝල ගෙඩි වගේ....අයියා වැඩට ගිහින් ආපු ගමන් කරන්නෙ මගෙ කකුල් තවන එක....රෑට මොන වැඩේ තිබ්බත් එයා පුතා එක්ක කතා කරනවා...පුතත් එවෙලෙට කතා කරන ඒව තේරෙනවා වගේ මගෙ බඩට පයින් ගහනවා....දැනුත් මේ තාත්තයි පුතයි කතා කරනවා....

"සුදු පුතේ ඔයා ආවාම අපි තව බබෙක් ගෙන්නම් එතකොට ඔයාට පාලුවක් නෑනෙ...නේද බබී..."

"ආහ් ආස ඇති ...තාම මේ ඇතුලෙ ඉන්න යක්ස පැටියවත් එලියට ආවෙ නෑ..තව ලමයි හදන්න මෙයාගෙ කතාව..."

"හරි හරි ඉතින් දැන්ම ඉදන්ම ඒව හිතලා බලලා තියාගන්න ඕනි..."

"අනේ මේ තාත්ති...ඉස්සෙල්ල ඉන්නකො මෙයා එලියට එනකම් ඊට පස්සෙ බැරියැයි ඊලග කෙනාව හදන්න..."

"අපි ක්‍රිකට් ටීම් එකක් හදමුද සුදූ ...එතකොට් රටටත් මුන්ගෙන් වැඩක් ගන්න පුලුවන්නෙ..."

"අනේ අයියේ මේ මගෙන් මුකුත් අහග්න්න එපා ඔ...ආහ්...ආව්...ආනේ...අ...."

"බබී ඇයි අනේ ඇයි මැනික...අනේ කතා කරන්න .."

"අ..නේ..අයියේ...ම..ට අමා..රුයි..ආහ්.."

"අම්මේ අම්මේ අනේ එන්නකෝ.."

පුතා හොදටම දගලනවා මට හොදටම අමාරුයි...හවස ඉදන් මගෙ බඩ හොදටම රිදුනා...මන් හිතන්නෙ එයා අපි අතට එන්න හදන්නෙ..අයියා මාව අත් දෙකට අරගෙන ඉක්මන්ට වාහනේට ඇවිත් හොස්පිට්ල් එකට ආවා ...මන් අපු ගමන් ලේබර් රූම් එකට ගත්තා...අයියත් මන් එක්කම ආවා..මට හොදටම අමාරුයි...කොන්ද නෑ වගේ....

"ආහ් ...අම්මා...මට..බෑ..අනෙ..අයි..යේ...ආහ්..."

අයියා මන් කෑ ගහම හැම සැරේම කරේ මගෙ අත අල්ලගෙන ඔලුව අතගගා...නලලට හාදු තියපු එක...

Unexpected love ||| Bl Story Where stories live. Discover now