part-17

5.2K 301 14
                                        

අපි ලංකාවට ඇවිල්ලා හරියටම මාසයක් ගියා...ඒ මසේ කොච්චර හොදට ගියාද කිය්නවනම් අපේ චූටි නංගි එයාට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා කියලා ගෙදරට කීවා හැබැයි ඒ කොල්ලෙක් නෙවේ ඒ කෙල්ලෙක්...එයා ලංකාවෙ කෙල්ලෙක් නෙවේ ...she is korean...ඇත්තටම අපි ගොඩක් සතුටු උනා ඒ දෙන්නා හම්බෙලා තියෙන්නෙ චූටි නංගි කොරියා ගියපු වෙලාවකදි...ඒ ලව් එකට අවුරුදු දෙකක් ..කොහොම හරි ඒ දෙන්නවත් බන්දලා දෙන්න ගෙදර අය තීරණය කලා ඒත් දැන්ම නෙවේ......

හෙට අයියගෙ බර්ත්ඩේ එක එයා ඔය ලොකු පාටි වලට කැමති කෙනෙක් නෙවේ ඒ නිසා අපි හිතුවා ගෙදර පොඩියට පාටි එකක් දාන්න...හැමෝම කැමති මන් හදන කේක් කන්න නිසා මන් කේක් හදන වැඩේ බාර ගත්තා...අයියා අද නුවර ගියා ඔෆිස් එකේ වැඩකට එයා එන්නෙ එතකොට හෙට තමා ..එයා ආස විදිහට මන් කේක් ,කප් කේක්,තව ස්වීට්ස් ජාති හදලා තිබ්බා...අද කලිම් නිදා ගත්තා..හෙට කලින් නැගිටින්න ඕනි නිසා.....

අද තමා දවස අපි හැමෝම අද අයියගෙ උපන්දිනේ අමතක වෙලා වගේ ඉන්න තීරණය කලා ..උදෙ අයියා කෝල් කරාම මන් වෙනදා විදිහටම කතා කරල තිබ්බා...එයා කීව එයා එද්දි ටිකක් හවස් වෙයි කියලා ...

අපි ඉතින් චූටියට ගේ ටිකක් සැරසුවා..එයාගෙ ආසම පාට නිල් හින්දා නිල් වලින්ම සැරසුවා...

📲📲📲📲📲📲

"හෙලෝ බබී මන් දැන් ලග ඉන්නෙ ඔයාට මොනාද කන්න ගේන්න ඕනි"

"අනේ අයියේ මුකුත් එපා ඔයා පරිස්සමෙන් එන්නකෝ.."

"හරි මැනික"

📲📲📲📲📲

අයියා කතා කරලා ටික වෙලාවක් ගියපු ගමන් ගෙදර ගේට් එක ඇරුනා...

"එනවෝ එනවෝ හැංගෙන්න....ලයිට් ඕෆ් කරලා ..."

අපි හැමෝම ලයිට් ඕෆ් කරලා තැන් තැන් වල හැන්ගුනා....මම් කර්ට්න් එකක් අස්සෙ හැන්ගුනා ....ඒත් එක්කම අයියා දොර ඇරගෙන් ආව...

"කෝ මේ ගෙදර කට්ටිය ...අනික ඇයි මේ ලයිට් නැත්තෙ...."

..1..2..3

"Happy birthday "

"බුදුඅම්මෝඔ...."

අයියා අපි ටික එලියට පැන්නා විතරයි බය වෙලා කෑ ගැහුවා.....

Unexpected love ||| Bl Story Where stories live. Discover now