"බබී ලෑස්තිද?"
"හරි යමු"
අපි මේ ලෑස්ති වෙන්නෙ බීච් එකට යන්න තාත්තා නැති වෙලා හරියටම මාස දෙකක් ගියා දැන් මගෙ බඩට මාස පහක්...අපි හෙට ඔක්කොමලා ආයෙ ලංකාවට යනවා..අයියලාගෙ අම්මල අයියලා මෙහෙ ආව...දැන් අපි බීච් යන්නෙ අපේ නතාශ් බබාගෙ ආසාවක් ඉශ්ට කරන්න එයා හරි ආසයි බීච් යන්න..එයාගෙ අම්මි තාත්ති ගාව නෙවේ ඉන්නෙ අපි ගාව...චූටිම කාලෙ එයා මට අම්මි කියලා කතා කලෙ...ඊටපස්සෙ ඒක හරි නැති නිසා අපි චූටි බාප්පි කියන්න කියලා පුරුදු කලා...ඒත් මේ චූටි කොල්ලා මට කතා කරන්නෙ චූටි අම්මි කියලා....අපි ඉති එයාට බල කරන්න ගියෙ නෑ පව්නෙ....
"තූති අම්මි"
"ඕ මැනික..."
"මොනාද උයා කල්පනා කලන්නෙ..."
"ඔය් ගැන"
"මන් ගැන...මන් ගැන මොනාද අනී ඔයා කල්පනා කරන්නෙ.."
"ඔයානෙ ඉතින් මන් ඉස්සෙල්ලාම බබෙක් විදිහට ඇල්ලුවෙ ඔයා තමා මගෙ පලවෙනි බබා..."
"මන් ඔයාගෙ සොකු පුතාද එතකොට...එතකොට මේ බන්ඩියේ ඉන්නෙ මගෙ මල්ලිද..."
"ඔයාගෙනම් තමා ඒත් මල්ලි බබෙක්ද කියලා තමා දන්නෙ නැත්තෙ..."
"මල්ලි බබෙක් තමා මමනෙ කීන්නෙ.."
"ඔයා කොහොමද සුවර් කරලා කියන්නෙ ..."
"ඒ මගෙ මල්ලිනෙ..."
එයා කියනවා මේ මල්ලි බබෙක්ලු...අපි තාම බැලුවෙ නෑ ...අපි ලංකාවට ගියාම තමා බලන්න ඉන්නෙ...අපි දෙන්න කතා කර කර ඉද්දිම අයියා ආව කාමරේට...
"දෙන්න මොනාද කතා කරන්නෙ ම්ම්..."
"බලන්නකෝ අයියේ අපෙ සොකු පුතා කියනවා මේ ඉන්නෙ මල්ලි බබෙක්ලු..."
"ඔව් මල්ලි බබෙක් තමා..."
"දැන් ඔයත් කියනවා...කොහොමද ඔයාලා කොයන්නෙ..."
"එහෙම තමා නේද පුතු අපිට දැනෙනවනෙ...හරි හරි අපි යමු දැන්..."
"හලි යමු චූටි තාත්ති..."
මට චූටි අම්මි කියද්දි එයා අයියට චූටි තාත්ති කීව.....අපි ඉතින් කතාව නවත්‍තලා ඉතින් බීච් එකට ආව....ඇත්තටම කීවොත් බීච් එක කියන්නෙ හිත නිවන තැනක්...අපි චුට්ටක් ඉතින් බීච් එකේ ඇවිද්දා ...අයියා මන් ඇවිදින ගානෙම මාව බදාගෙන හරි පරිස්සමට තමා මාව ඇවිද්දුවෙ....අපි ටිකක් ඇවිදලා එතන තිබ්බ චූටි බෙන්ච් එකකින් ඉද ගත්තා....ලොකු අයියා චූටි නංගි චූටි පුතු එක්ක සෙල්ලම් කරනවා...ඒත් එක්කම එතනට අම්මා ආව...
YOU ARE READING
Unexpected love ||| Bl Story
Romanceඅනේ දෙවියනේ !!!! මන් දැන් මෙයාවද marry කරන්න ඔනී බලන්නකො මූනෙ තියෙන නපුරු පාට 😒 ඒ උනාට handsome ඉතින් 🌚
