..වැ...හි...ක...ලු...ව....ර...21

398 63 49
                                    

තාත්තේ ..

උන දේ උනා ..මොනවා කරන්ද පුලුවන්නම් අම්මට කතා කරන්න ..එයා හොදටම වැටිලා ...

තාත්තා මගේ උරහිස මිරිකලා කියද්දි එයාගේ අැස් පලවෙනි පාරට තෙත් වෙලා තියෙනවා දැක්කා ..

මන්දි අාසම කරපු ලා නිල් පාට බේලසර් එකක් අැදලා අවසන් ගමනට සාලේ මැද්දේ ඉන්න මල්ලි දිහා මම බැලුවේ මැදිහත් හැගිමකින් ..

දුකක් නැත්තේ නැ ..දුකක් තියෙනවා එත් එයා කරපු පව් වලට වන්දි ගෙව්වා ..

මට මෙහෙට එනකොට දහස් පාරක් අාපහු හැරිලා යන්න හිතුනත් මම අාවේම දේදු මට බල කර පු නිසා ..

අාපු එකෙන් හිතට පොඩි සැහැල්ලුවක් දැනුනත් ගෙට්ටුවෙන් අැතුලට වාහනේ දදාද්දිම දැනුනු පුලුටු ගද මට අැරෙන්න දැනුනේ රවිශ්ට විතරක්ද මන්දා ..

අනිත් අයට නොතෙරෙන්න රවිශ්  අතක් නහයට තද කරගන්නවා මම හොදටම දැක්කා ..

සෙනග නම් හිටියා ..අම්මගේ තාත්තගේ යාලුවෝ නැදැයෝ පාට්නර්ලා ..

හැබැයි ගොඩන් අය අැවිත් තිබ්බේ කැමරාවක් ඉස්සරහා අඩන්න වෙනකොට මම අාපු ගමන් මිඩිය කාරයින්ව යවද්දි ඉබේම බාගේට බාගයක් හිස් වුනා ..

ජිවිතේ හැටි ඔහොම තමා ඉතින් ..

මම එනකන් මෙතන තේ එකක් අල්ලන්නවත් මොකෙක්වත් නැති වෙනකොට දේදුව බලා  ගන්න මන්දිව්  කවිශ් දෙන්නම බාරගත්තේ මාව මොහොතකට නිදහස් කරලා ....

දේදු උනත් අැතුලට අාවේ නැ ..එලියේ පැත්තක ට වෙලා හිටියා මිසක් ..අම්මා ලගට යන්න කලින් තාත්තා ලගට ගිහින් කතා කරලා එන්න හැරෙද්දිත් තාත්තා මගේ අත තද කරලා අල්ලගෙන සැහේන වෙලා මගේ මූන දිහා බලන් ඉදලා ඉබේටම වගේ දේදු ඉන්න පැත්ත මගේ උරහිස උඩින් බලද්දි හිස් වෙලා තිබ්බ තාත්තගේ අැස් තිගැස්සුනා ...

මම හැරිලා බලන්න කලින් මගේ අතට පැටලිලා තියෙන තාත්තගේ අත ලාවට වෙව්ලද්දි මම එ අත හිමිට ගලව ගත්තා ..

"මොකද වුනේ තාත්තේ "

මම අහද්දි තාත්තා එහෙමම පුටුවකට කඩන් වැටෙනකොට තද හුලගක් අපි අතරින් ගලාගෙන ගියේ අම්මා අැතුලේ ඉදන් කැගහනවා අැහෙද්දි ..

වැ..හි ...ක..ලු...ව...ර Where stories live. Discover now