යන්තන් 19 ලැබුවා විතරයි ... නහරයක් නහරයක් ගානෙ දවසක මගෙයි එයාගෙයි ලේ වල වගකීම දරන්න වෙනව නේද කියල හිතෙද්දි කීවෙනි වතාවටදෝ මගෙ අත මගෙ බඩ උඩ නැවතුනා..
මං තාමත් ඉන්නෙ අන්දුන් කුන්දුන් වෙලා..
" උබලට දරු ගැබක් දරන්න පින තියනව මයෙ අම්මෙ ! "
මගෙ ඔලුවෙ ආයම ආයම එ වචන ඇහෙන්න ගත්ත.. එ ඇහෙන වාරයක් වාරයක් ගානෙම මගෙ පපු ගැස්ම එලියට පනින්න තරම් වැඩි උනා...
සැරින් සැරෙ මගෙ ඇස් මට ටිකක් ඈතින් බිත්තියට හේත්තු වෙලා සුදු ශර්ට් එකට නිල් ඩෙනිම ඇදලා සීයප්පච්චි දිහා බලන් ඉන්න එයා ගාව නැවතුනා...
එයා අප්පච්චි කෙනෙක් වෙයි.. එකත් මම නිසා... මන්දා.. එක පුදුමාකාර සතුටක්... එක පුදුමාකාර සැනසිමක්... ඒක කොහොමද වෙන්නෙ කියල මට තාමත් හිතාගන්න බැ.. ඒත් දවසක එයාට අප්පච්චි කියන කටින්ම එයා මට අම්ම කියයි....
" අම්මා.. "
ඒක මහ පුදුම දෙයක්.. මට මගෙ අම්මව දැනෙනව වගේම එයාටත් මාව දැනෙයි නේද.... අම්මට නිතරම තුරුල් නොවුනට... අම්ම ළඟ හුරතල් වෙන්න නොගියට මම වැඩියම දවස ගෙවන්නෙ අම්ම එක්ක.. අම්ම කියන්නෙ තාත්තටත් වඩා මගෙ ජිවිතේ කොටසක්..
උදේ නැගිටපු වෙලාවෙ ඉදලා
අම්මා...
අම්මේ...
අම්මෙ කෝ..
අම්මෙ කොහෙද..
අම්මා කාමරේද
අම්ම කුසියෙද්..
අම්මෙ කිරි එකක්..
අම්මෙ බත් ටිකක්..
දරුවෙක්ගෙ මුලු ජිවිතේම ගොඩ නැගෙන්නෙ අම්ම තාත්ත කියන වචන දෙක උඩ... වැඩියෙන්ම අම්මා... මොකද දරුවෙක් වැඩියෙන්ම ගැටෙන්නෙ අම්ම කියන චරිතෙ එක්ක...
එයත් මට එහෙමම සලකයි නේද..
එයත් මට
අම්මේ...
අම්මා...
කිය කියා කතා කරයි...
මගෙ හිත පිරිලා... මගෙ හිත ඕනාවටත් වඩා පිරිලා... එ හැගීම දැනෙද්දි මගෙ ඇස් තෙමෙනවා.. එ තරම්ම එ හැගීම මගෙ හිතට වැදිලා...
