ශාක්‍ය pov
"දැකපු මුල්ම දවසේම මගේ හිත හෙල්ලුව ඒ රූපෙ අභීන් ලෙෂාන් නානායක්කාර .මගේ ඉස්සරහ මගේ තාත්තට අපහාස කරපු දඩබ්බර සල්ලාලයා.මගේ තාත්තා කියන්නෙ මගේ ජීවිතේම.අභීන් කියන පරයා මගේ තාත්තට අපහාස කරපු වෙලේම මම හිතාගත්තා උගේ ජීවිතේ අපායක් කරන්න.හිතාමතාම අහම්බෙන් වගේ ඌ ඉන්න තැන්වලට ගියේ උගේ අවදානෙ මගෙ පැත්තට ගන්න.ඌට target කරන්න නම් උගේ දකුණු අත වගේ ඉන්න සෙතුකයාව අල්ලගන්න ඕන.කොහොමහරි උගේ මාර්ගෙන් අභීන්ට ලංවෙන්න පුලුවන් උනත් එදා උගේ ගෙදර ගිය පලවෙනි දවසේ මගේ ඇගම ගැස්සුනා .උගේ ඇස් ඒවා මාර ලස්සනයි .ඒ විතරක් නෙමේ උගේ හම සුදුම සුදුයි.ඌ තනිකර අඹාපු පිලිමයක් වගේ.උගේ ඇග හැදිලා තිබ්බෙම කාවහරි යට කරගන්නමයි.එදා උගේ අවදානෙ ගන්නම මම උගේ ලගට ලං උනා.නිතරම eye contact කරේ උගේ හිතේ මම ගැන පොඩි ආසාවක් ඇති කරන්න.මම හිතුවටත් වඩා ඉක්මනට ඌ මගේ රගපෑමට අහු උනා.අදත් ඌ කෙල්ලෙක්ට ගහද්දි මට හිතුනේ ඌව මරන්න.මොන දේ කරත් ඒ කෙල්ලෙක් .එහෙම ගහන එක මහ තිරිසන් වැඩක්.කට්ටිය කියන එක ඇත්ත අභී කියන්නෙම තිරිසනෙක්ට.වීරයා වගේ වීදුරුව අතේ කුඩු කරේ අවදානේ ගන්න වෙන්න ඇති.උඹ රගනවා වැඩියි.මූ නම් මහ අවදානය හිගාකන බල්ලෙක් .හහ් උඹට ලේසියෙන් මැරෙන්න දෙන්න බෑ අභී .එතකොට කොහොමද මම මගේ පලිය ගන්නෙ.මම ඌව අමාරුවෙන් හරි උස්සලා අරන් දුවගෙන ගියේ car එකට.හිතා මතාම මම ඒ ලේ බේරෙන අත කාටත් නොපෙනෙන්න හයියෙන් මිරිකුවා.උබ විදවන්නම ඕන.උගේ අයියායි,සෙතුකයායි අඩ අඩ අභීන් ගාද්දි ලහිරුවා මට එහා පැත්තෙ ඉදන් අභීගෙ ඔලුව අත ගගා සිහියට වරෙන් කිව්වා.මම විතරක් හිත යටින් සතුටු උනා.රිදෙනවාද උබට හහ් ඔය වගේ තමා උබේ වචන නිසා මගේ තාත්තාට රිදුනේ.විනාඩි 5ක් යන්නත් කලින් hospital එකට ආව අපි අභීව වෝට් එකට එක්ක ගියා.doctorsla එහෙ මෙහෙ යද්දි මගේ අතේ තිබ්බ අභීගෙ phone එක ring වෙන්න ගත්තා.එතන ඉන්න එකෙක්වත් හොද සිහියෙන් නැති නිසා ටිකක් එහාට ගියපු මම කතා කරා.අභීන්ගෙ අම්මාගේ කටහඩ ඇහෙද්දි මම පුදුම උනේ මූ අම්මගේ number එකවත් save කරන් නැති නිසා."
මොන මගුලක්ද කරන්නෙ අයිසෙ phone එක answer නොකර.මම කීපාරක් ගත්තද තමුන්ට?ඉක්මනට ගෙදර එනවා මට party එකක් තියෙනවා තාත්තා එක්ක.අහ් ගෙදර කෑම උයලා නෑ.ඕනනම් කඩෙන් කෑම එකක් අරන් ඇවිත් කන්න.මම තියනවා.මට පරක්කුයි .
