CHAPTER 8

6.7K 565 320
                                    


"ගීතයකි
  තනුව වෙමි මා
  ගයමු අපි සිතුසේම

  ජීවිතය මා
  නැවත විදිමීමීමී....

"බයික් එක Parking  එකේ නවත්තලා හිමීට ඉස්සරහට එද්දි මගේ අතේ කෙල්ලො පෝලිමට එල්ලෙන්න හදද්දි උන් එකෙක්වත් ගනන් නොගෙන මම club  එකේ දොර ලගට ආව.දොර දෙපැත්තේ උස මහත bodyguard ල දෙන්නෙක් මට ලාවට හිනාවක් දෙද්දි උන් දෙන්නට ඇහැක් ගහලා දොර අරින්න කියද්දි උන් දොර ඇරියා .කන පැලෙන්න දාල තිබ්බ සිංදුව මගේ ඇගේම හැගීම් අවුස්සලා ගත්තෙ මත් වෙන රෑකට ඇරයුම් කරන ගමන්.දොර ලගටම එන Alcohol  සුවද නාස්පුඩුවලට වද්ද ගත්ත මම මගේ උන්ව හෙව්වා.මගේ ඇස් මුලු club  එකේම ගියා.නැවතීමක් නැතුව ශුංගාරය හොයන තරුණ ජීවත සෝෆා අස්සෙ  ශුංගාරය මවන දර්ශන,ඇගටම ඇලිලා නටන උන්,බොතලේ කටේ ගහන් ඉන්න උන්,කෙල්ලෙක් අල්ලන් කරදර කරන උන්,වේදනාවෙන් අඩ අඩ ඉන්න උන් අස්සෙ club එකේ  කොනකට වෙන්න තියෙන අදුරු පැත්තෙ මම දැකපු දර්ශනේ එක්ක මගේ අත් මිටි මෙලවුනා."

"ඒ නුඹ නිසයි
  සිත සොයයි
  නුඹගෙ දෙනෙත මම සොයයි
  
  සිතමි මං
  නුඹගෙ උණුසුමේ
  වෙලෙමි මං"

අතඇරපන් පකෝ ලහිරුව.

අතඇරියෙ නැත්තන් උබ මොනා කරන්නද?

චටාස්

Too much talk 😏

"යුවියගේ උන් දෙන්නෙක් ලහිරුව අල්ලන් ඉද්දි සෙතුකයාවයි ,ශාක්‍යවයි යුවියා වාඩිවෙලා ඉන්න සෝෆාවෙ දෙපැත්තෙන් වාඩි කරවලා තිබ්බා.ලහිරුවාව අත අරින්න කිව්වත් අරුන් බෑ කියද්දි කටට කලින් මගේ අත ඉක්මන් උනා.එක කකුලක් උස්සලා එකෙක්ට ගැහුව මම ලගම තිබ්බ වීදුරුවෙන් අනිත් එකාගෙ ඔලුවට කෙලල ඇරියා.උන් දෙන්නා වේදනාවෙන් කෑගහද්දි මම කට කොනේ හිනාවක් එක්ක යුවී ඉන්න පැත්තට හැරුනා.යුවී සෙතුකයාගෙ ඉනෙන් වගේම ශාක්‍යයාගෙ ඉනෙන් අල්ලන් ඉන්නවා දකිද්දි මගේ ඇස් රතු වෙලා,නහර ඉලිප්පුනා.මගේ ඇස් උගේ අත් දෙකේ දිගේ එහාට මෙහාට වේගෙන් ගියා වගේම මාව වෙව්ලන්න ගත්තා.මටම දරාගන්න බැරි තරමට මාව වෙව්ලන්න ගද්දි මම ලග තිබුන වීදුරුව අරන් මගේ අතට තද කරගත්තෙ වීදුරුව බිදිලා මගේ අත තුවාල වෙද්දි.උකු ලේ මගේ අත දිගේ බිමට පල්ලම් බහිද්දි මගේ වේදනාව නැති වෙලා ගියා.වෙව්ලන ගතිය නැති වෙලා යද්දි මම යුවී දිහා බැලුවා.ඒ තද කලු ඇස් මගේ අත දිහාවට වැටිලා තිබ්බා.මොහොතකට මගේ අතින් ඇස් නොගත්ත ඌ අත දිහා බලන්ම කතා කරා"

"මගේ හිතුවක්කාරයා"Where stories live. Discover now