CHAPTER 6

6.8K 574 370
                                    

හෙලෝ අයියා කියන්න

අද දවස මතකද කියපන් මුලින්

.....

පම්කෝ අද උබේ ගෙදර අඩි තාලන් දාන දවස.උබ මොන ලෝකෙද ඉන්නෙ.හොද වෙලාවට මම මේ වැඩේ බාරගත්තේ.මම ඉන්නෙ එතන උබ එනවද ?

බලමු

මොකද්ද යකෝ ගෑනි මැරිච්ච මිනිහ වගේ කතා කරන්නෙ.මේක මගේ වැඩක් නෙමේ තොගේ වැඩක් වරෙන් ඉක්මනට .

මට CLS

ඒමත් එකක්ද.හ්ම් උබ පලයන් මම වැඩ ටික බලාගන්නම්.මොකද්ද අයිසෙ කරන්නෙ ඔය නූල් ටික හරියට අදිනවා.මම පස්සෙ CLL එකක් ගන්නම්.

ම්ම්

CLL END ....

"අයියගේ cll එකේ සද්දෙට ඇහැරුන මම නිදි මතේම answer කරා.මගේ ගේ අඩිතාලන් දානවලු.මීට අවුරුද්දකට කලින් ගත්ත ඉඩම.එයත් එක්කම ගිහින් අරගත්තෙ.ඕනවට එපාවට කතා කරේ දරාගන්න බැරි හින්ද බන් අයියේ."

මතකද දවසක් කිව්වා බෙර හඩවල් අස්සෙ මාල හතක් දාල ලස්සන මණ්ඩපේක මගේ අතින් අල්ලන් ඉන්න ආසයි කියලා .

මතකද හීන මැව්වා කොල්ලොම තුනක් හදමු කියලා.දන්නවද මම එයාලට නමුත් හිතල තිබ්බෙ.

ඔයා නොදන්නවා උනාට මැණික ඔයාට මට ඉන්න හදන ගෙදර අද අඩිතාලන් දානවා.

"ආදරේ අයදින හින්දම මට ආදරේ උරුම නෑ.ආදරේ ඉල්ලලාම මට මහන්සියි දැන්.ආදරේ උනත් ලැබෙන්න පින තියෙන්න ඕන.ගිය ආත්මෙක මම නොසෑහෙන්න පව් කරන්න ඇති.සමහරවිට හරිම කෙනා එන්න පරක්කු වෙනවා ඇති.ඒත් මට හරිම කෙනෙක් ඉන්නවා ඇද්ද?එයා එනකන් මේ හුස්ම අල්ලන් ඉන්න පුලුවන් වෙයිද මට?එයා එන්න පරක්කු වෙයිද තව?මම දන්නෙ නැහැ මට තේරෙන්නෙ නැහැ මේ ජීවිතේ ගැන.කිසිම තේරුමක් අර්ථයක් නැති ජීවිතයක් .හිස් පිටුවක් වගේ කොච්චර පාට කරන්න හැදුවත් කලු පාට විතරක් ඉතුරු වෙන පිටුවක්.මම එහෙම්මම වෙලාව බැලුවා 8 යි .8.30 වෙද්දි cls එකේ ඉන්න ඕන.අද korean cls .දැන්නම් ඉගෙන ගන්න එකත් වදයක් වෙලා.උදේම නැගිටින්නයි,තනියම කෑම උයාගන කන්නයි,රෙදි මැදගන්නයි .මට එපා වෙනවා වෙලාවකට මේ ඔක්කොම .කරන්න තියෙන වැඩ ටික මතක් වෙලා හිතට තරහක් එද්දි අත ලග තිබ්බ වීදුරුව පොලොවෙ ගහපු මම අත් දෙකෙන්ම කොණ්ඩෙ ඇදගත්තා"

"මගේ හිතුවක්කාරයා"Where stories live. Discover now