ඩ්‍රර්.........
ඩ්‍රර්..............
ඩ්‍රර්.......................
ඩ්‍රර්...............................!
" මොන හු...ශිට්.. ! "
මලකින් රොන් උරල අරගන්න බඹරෙක් හා සමානවම එයා මගෙ දෙතොලෙ අයිතිය එයාගෙ කරගත්තෙ මීට විනාඩි ගානකට කලින් වෙද්දි ශර්ට් එකට යටින් පිට හරහ වැටුන ඒ ඇගිලි තුඩු මුලු පිට කොන්ද පුරා අරගන යන ගමන් එයා එයගේ නිදහස් අතින් මගෙ කොන්ඩ ගස් අහුරු අහුරු මිරිකන් මාව ඉඹගත්තා....
ඊට දෙවෙනි නොවුන මම මේක මගෙ පලවෙනි අත්දැකීම වෙලත් දෙතොල් හාදුවක් දෙන විදිය මොහොතින් ඉගෙන ගත්ත වෙද්දි ඒ කොලර් එකෙන් මිරිකන් එක අතක් එ බෙල්ල පුරා අරගන යන ගමන් පිරි මදින අතරෙම එ කටෙ අහු මුල්ලක් නෑමර මගෙම කරගත්ත වෙනකොට මගෙ අතට එ කරේ දිලිසුන චේන් එක පවා මිරිකිල ගියා....
අපිමව අපිට අමතක වෙලා අපි ඉන්න තැන පවා අමතක උන මොහොතක අපෙ හාදුව එක තත්පරේක අපිට බ්‍රේක් කරන්න සිද්ද උනා වෙද්දි හති අරින ගමන්ම හිටිය එයා කුනුහරපයක් කියන්න ගිහිනුත් මගින් නවත්තලා " ශිට් ! " කියන ගමන් සාක්කුවට අත දැම්ම වෙනකොට දෙතොල අල්ලෙන් පිහදන ගමන් මමත් එයා දිහා බලන් හිටියා.. තරහෙන් වගෙ කෝල් එක කට් කරපු එය ආයම ෆෝන් එක සාක්කුවට ඔබාගත්ත...
ආයමත් මගෙ දිහාවට ඇස් අඩවන් කරගත්ත එය හරි හදිසියෙන් වගෙ මගෙ දෙතොලට පහත් උනා වෙනකොට
ඩ්‍රර්.......!!!
එයාට කලින් මට තරහ ගියා...!
එයගෙ කර වටෙන් අත් දෙක ගන්න ගමන් නුරුස්සුමෙන් එ සාක්කුවට අත එබුව මම එ ෆෝන් එක ඇදල ගත්ත වෙනකොට ඕෆ් කරන්න හිතාගන ගත්ත උනත් ස්ක්‍රීන් එක උඩ වැටුන නමත් එක්ක.මගෙ නුරුස්සුම තවත් වැඩි උන..
Podi eka
නොටිෆිකේස්ශන් එක මල්ලිගෙන් කියල අමුතුවෙන් හිතන්න දෙයක් නැති වෙද්දි තව තව තරහ ගිය මම ලොක් ස්ක්‍රීන් එක ඇරිය වෙනකොට හෝම් ස්ක්‍රීන් එක දැක්ක මට ඉබේම එයා දිහා බැලවුනා..
කොහෙන්ද අරගත්තෙ කියන්නවත් මම දන්නැති මගෙම ෆොටෝ එකක්.. ගෙදරට අදින බැනියමක් පිටින් සාලෙට වෙලා කා එක්ක හරි කතා කරන ගමන් ඉන්න ෆොටො එකක්... මටත් හොරෙන් අරගත්ත ෆොටො එකක්...
