" මං බලන් හිටියා... මේ දවස වෙනකල් අවුරුදු 18ක්... මගෙ පලවෙනි වගේම අන්තිම ආදරේ ඔයයි සුදුමැනික ! "
එයගෙ වචන ඉස්සරහ මම මොහොතකට ගල් උනා... එයාගෙ වචන ටික ඇතුලෙ සමහර තැන්වල මට පරස්පරතා තිබුන වෙනකොට මම එය දිහා බලාගනම එ ගැන කල්පනා කරා වෙද්දි එයා ඇහිබැමක් උඩට කරන ගමන් මගෙන් ඇයි කියල වචනෙන් නොකියා ඇගෙව්ව වෙද්දි මම මගෙ ප්‍රශ්නෙ එයගෙ ඉස්සරහ දිග ඇරියා..
" අ..අවුරුදු 18ක්.... ක් ... කියන්නෙ... ? "
එයා මට ආදරේ බව ඇත්ත... එයා ආදරෙයි කිව අම්මගෙන් තාත්තගෙන් අවසරෙ උඩ මට රින් එකක් දැම්මා.. මම ආදරෙයි වගෙම එයත් ආදරෙයි මට... එත් අවුරුදු 18ක්ම එයා මෙ දවස වෙනකල් බලන් හිටිය කියන කාරනය උඩ මට ප්‍රශ්නයක් මතු උන.. එ කියන්නෙ එයා..........
එයාගෙ මූනෙ අහංකාර කට කොනෙ හිනාව ඉබේම මතු උනා වෙනකොට ශීට් බෙල්ට් එක දාගත්ත එයා එහෙම්ම මගෙ පැත්තට බර උනා...
අනෙහ්... එහාට.. එහාට ....
මගෙ හිත මිමිනුවත් කට ලොක් වෙල තියෙද්දි එය මගෙ ලගට එන්න එන්න මම ඇස් දෙකත් ලොකු කරගන කන්නාඩි දෙකත් එක අතකින් අල්ලගන්න ගමන් පස්සට ඇල උන වෙනකොට මගෙ මූනටම පාත් වෙන එයාව ඉවසගන්න බැරි උන මම ඇස් දෙක තදට පියවගත්ත...
ප්‍රශ්නයක් ඇහුවාම.. ඇයි අනෙ මෙ... මෙච්චර ලන් වෙන්නේ... ආදරෙයි කියල ඉතින් ... මට හුරු නැනෙ අනෙ....
එයා මගෙ මූනටම පාත් උන වෙනකොට එය මට කොච්චර ලගද කියන කාරනාව එ රස්නෙ හුස්ම මගෙ කම්මුල් වල වදින තාලෙන්ම මට තේරුනා... එයා මොනාද මෙ කරන්න හදන්නෙ... ?
" ඔයා ඇස් ඇරපු දවසෙ ඉදලම මම ඔයාට ආදරේ කරා නේර්...
ඔයාගෙ අම්ම අප්පච්චි මට ඔයාව ලියල දුන්නෙ මීට අවුරුදු 18කට කලින්...
ඉතින් මම අවුරුදු 9ක පොඩි කොල්ල කාලෙ ඉදලම මේ පිච්ච මලක් වගේ කොලු පැටියට ආදරේ කරා....
ඒ වගේම..... ඔයා මටත් ආදරේ කරන අද වගෙ දවසක් එනකල්... ඇගිලි ගැන ගැන ඈතට වෙලා ඉදගන බලන් හිටියා.. ! "
