අවුරුදු 18ක් පාලුවට ගියපු වම් අතෙ වෙදැගිල්ලට බැදිමක බරත් එක්ක එකතු උන මුද්දක බරක් දැනිල තිබුනා..
නලලට දුන්නු හාදුවෙ උනුහුමවත් මැකෙන්න කලින් වෙඩින් කාර් එක පිට්පස්සෙන් නවත්තපු ඊයේ ලන්කාවට ගෙන්නපු එයාගෙ තනි කලු කාර් එකට එයා එක්කම මටත් නගින්න සිද්ද උනෙ වෙඩින් එකට ආව දහසක් මිනිස්සු ඉස්සරහමයි...
තවමත් පපුව ගැස්සිලා.. වෙච්ච කෙරිච්ච දේවල් එක්ක පුළුවන් උපරිම කලබල වෙලා හිටිය මම ඔඩොක්කුවෙ තිබ්බ බොකි එක තව තව මිරිකන් මුද්ද දිහ බලාගන මල් වල නටු නියපොතු වලින් හීරුව වෙනකොට එයා සැරින් සැරෙ මගෙ දිහාට දෙන බැල්ම ඇස් කොනින් මට පෙනුනා..
මොනවා බලනවද මන්ද අනෙ විකාර...!
" නේර්... " ..
එයා වාහනෙ ඉස්සරහට අරන් යනවා... එය තවමත් මුල් ඇදුම්න් අපි යන්නෙ ඇදුම් බාර දීලා ඇදුම් මාරු කරගන එහෙමම ගෙදර යන්න වෙන්න ඇති .... ඇතුල් පාරවල් අතරෙන් වාහනෙ දාන ගමන් එයගෙ හඬ අවදිඋනා වෙනකොට එයාට හූමිටිවත් නොදීම මම එයාගෙ දිහාවට හැරිල ඇස් වලින් ඇයි කියල ඇහුවා...
එක අතකට සුක්කානම ගන්න ගමන් එයා මගෙ මුද්ද දාපු අතින් අල්ලලා මගෙ පැත්‍තට බරවෙන ගමන් පාර දිහා අවදානෙන්ම පිට අල්ලට සීතල දෙතොල තියන ගමන් හාද්දක් තිබ්බ වෙනකොට එයාගෙ කටින් මොනාදො මිමිනුනා..
" mine doll "
හාදුවත් එක්ක පිට උන ඒ මිමිනුම ඉස්සරහා මම යටි තොල හපාගන ඇස් බිමට හරවගත්තා... එක පාරම මෙ වගෙ දේවල් වලට මම කොහොමද මූන දෙන්නේ... ජිවිතේට නොවිදපු මෙ ආගන්තුක පහස ඉස්සරහ මං ඉදියෙ පුදුම තරම් කලබලෙන් වෙනකොට බිම බලාගනම මම මගෙ පපුව සන්සුන් කරගන්න ඕනාවට හෙමින් සීරුවෙ ලොකු ලොකු හුස්මවල් ටිකක් අරගන පහලට අත ඇරියා වෙනකොට මගෙ හුස්මෙ තරමට මගෙ පපුවත් උඩ පාත් උනා...
" ආදරේ කියන්නෙ වචනයක් විතරක් නෙවෙයි නේර්...මගෙ පැත්තෙන් ගත්තම ඒ අකුරු හතර ඇතුලේ ලොකු වගකීමක් යුතුකමක් තියනවා... මං ආවට ගියාට වචන එලියට දාන්නෑ...ම්ම්ම්... "
බිමට බර උන ඇස් ආයම එයගෙ පැත්තට හැරුනා... මගෙ අතෙ පිට අල්ල ඒ රැව්ල පිරුනු කම්මුලට තද කරගන එයා ඉස්සරහ බලාගනම හඬ අවදි කරා වෙනකොට අතට දැනෙන කිතිය දරාගනම මම එයාගෙ වචන වලට අවදානෙ දුන්නා..
