විසිනව වන දිගහැරුම...

7.9K 615 39
                                        

“පුතා ඔහොම ටිකක් නිදාගන්න...”

“එත්.. හාමු මන්...”

“හරි.. ඒ ඇහුන විකාර අමතක කරන්න.. ඔවා හිතන්න එපා හරිද...”

“එත්.. මගේ දරුවා...”

“දරුවට මොකුත් වෙන්නේ නැ පුතේ.. හරිද... මන් ඉන්නවා නෙ.. මේ තාත්තා ඉන්නවා නෙ... ම්ම්.. බයවෙන්න එපා...”

“අනේ... තාත්තේ මේක මහත්තයට කියන්න එපා... අහ්හ්... මොකුත් කියන්න එපා...”

“හරි දරුවෝ මන් මොකුත් කියන්නේ නැ... ඔයාට කන්න මොනවා හරි අරන් එන්නද...”

“එපා...”

“එපා කියලා කොහොමද.. බලන්න සිහින, බඩ විතරයි, ඔය දරුව ගැන හිතලා වත් කන්න..”

“මට බඩගිනි නැ.. අනික.. මන් ටිකකට කලින් කැවා...”

“ඔහොම බෑනේ පුතේ... ඉන්න මන් කිරි එකක් අරන් එන්නම්.. ඔහොම ඉන්න...”

සිහිනව කාමරෙන් දාල ආපු අනුරාධ හාමු කෙලින්ම ගියේ ලොකු මැනිකෙව හම්බෙන්න...

“අක්කේ මට කතාකරන්න ඕනේ...”

“අහ්ම් මල්ලි කියන්න...”

“ඉන්න....... කෝ...සිරිමල් දරුවෝ..අනේ සිහිනට කිරි එකක්‌ අරන් යනවද..”

“හරි හාමු...”

“ම්ම් අක්කේ එන්නකෝ......”










“මල්ලි ඔවා හිතන්න එපා මේ ඔක්කොම ටික දවසකින් හරියයි....”

“එත් අක්කේ....”

“මල්ලි.... මන් කිව්වා නෙ... මන් ඉදුවර ගේ අම්මා වෙන්න කලින් උබේ අක්කා උනේ.. මන් ආවට ගියාට දෙයක් කියන්නේ නැ කියලා දන්නවා නෙ..”

“අක්කේ සිහින...”

“සිහිනට මොකුත් වෙන්න දෙන්නෙ නැ මන්.. හැබැයි උබට සුදු ගැන අමතක කරන්න වෙනවා...”

“අක්කේ....”

“උබට තෝරාගන්න හම්බෙන්නේ නැ... උබට තියෙන්නේ සුදු කියලා දරුවෙක් හිටියා කියලත් අමතක කරන ඒක...”

“අක්කේ...”



ආපහු වචනයක් වත් නොකියා ලොකු මැණිකේ කාමරෙන් එලියට ගියේ අනුරාධ හාමු කාමරේ තනිකරලා දාල..






අවසන් සඳ....(completed)Where stories live. Discover now