හීනයකි මට ආදරේ.....
හැගෙනවා මට ජීවිතෙ.....හීනයට ළඟ ජීවිතේ.....
හැගෙනව ඔබෙ ආදරෙ.....!
****************
අත් වැල මිටට නවපු එයාගෙ අහස් නිල් පාට ශර්ට් එකෙ කොන් දෙකෙන් මිරිකන් උන්න මගෙ පපුව එයා ගහන බ්‍රේක් එකක් ගානෙම ගිහින් ඒ පිටෙ වැදුනා හා සමානවම හැඩ්ල් එකෙ එල්ලන් උන්න උරෙත් වේගෙන් එහෙට මෙහෙට වැනුනා.... විඩෙන් විඩේ වැඩි කරන අඩු කරන වේගෙට එයගෙ උඩ බට්න් දෙක ඇරපු ශර්ට් එක ඇතුලට හුළන් බදලා තිබ්බ වෙනකොට දකුනතෙ පිරිත් නූල එක්ක එකට පැටලුන රත්තරන් පාට බ්‍රෙස්ලට් එකයි වෙදැගිල්ලට දාගන හිටිය අපල මුද්දයි වැටෙන ඉර අව්වට දිලිහුනා... කොන්ද කෙලින් කරන් හිටිය මට සයිඩ් කන්නාඩියෙන් එයාගෙ සුදුපාට අව්වට නිරාවනරය වෙලා දිස්සෙ ගහන පපුව පෙනුනා වෙනකොට ටික වෙලාවක් බලන් හිටිය මම ඉක්මනින් අහක බලාගත්තා...
ලොකු බබරෙක්ගෙ සද්දෙ.....
ඒ බයික් එකෙන් ආවෙ ලොකු බබරෙක්ගෙ වගෙ සද්දයක් වෙනකොට පිටිපස්සෙ ශීට් එක ඉස්සරහ එකට වඩා උසට තිබුන බයික් එකෙ මම හිටියෙ එයාටත් වඩා උඩින්...
පාරෙ යන ගැනු ළමයි පිරිමි වයස් ලිංග බේදයක් නැතුවම එයගෙ බයික් එකෙ සද්දෙට් හැරි හැරී බැලුව වෙනකොට හෙල්මට් එක අස්සෙ ඉදන්ම මම බෙල්ල හරව හරව ටව්න් එකේම ඉන්න අය දිහා බල බල ඔහේ එයා එක්ක ගියා වෙනකොට නොහිතුව මොහොතක මගෙ අතක් ඉස්සරහට ඇදල ගත්ත එය එ අත එයගෙ පපුවට තද කරා...එයාගෙ ස්පර්ශෙන් මාව ගැස්සුනා...
එය අතින් ඇදපු පාරට දශමෙක දුරින් හිටිය මම එ දුරත් නැති කරගන එයගෙ ඇගට ඇලුනා... හරියට ක්ලාස් දවසට කපල් බයික් වල යනව වගෙමයි..
මගෙ හිතට සියුම් ලැජ්ජාවක් ඇති උනා.. මුලු ටව්න් එකේම අය අපි දිහා බලනව.. දවාලට වාහන තදබදෙ වැඩි නිසාම එයා යන්නෙත් වාහන අස්සෙන් දාන ගමන් සැරින් සැරෙ බ්‍රේක් අල්ල අල්ල හෙමින්.....
අනෙ මට ලැජ්ජයි.. හැමෝම බලනවා...
එය මෙ කොහෙද යන්නෙ.. ඇයි යන්නෙ.. එ මුකුත්ම මම දැනන් හිටියෙ නැ වෙනකොට මම මගෙ අනිත් අතත් අර අතට සමානවම එ පපුවට තියාගන හරිබරි ගැහිල එයාට හේත්තු වෙලා මිනිස්සු දිහ නොබල පිට මැදට මූන තියාගන මූන හැන්ගුවා...එයාගෙ සුවද ශර්ට් එකෙන් දැනෙනවා... එයගෙ අර හරියටම නමක් දෙන්න බැරි සුවදවල් ගොඩක් කලවම් උන එක සුවදක් එයාගෙන් කාන්දු උනා වෙනකොට මම තව තව ඒ නිල් පාට ශර්ට් එක ඉව කරා...
