එයා මගෙ අත් වලින් අදිනවා.. එය මගෙ ඔලුව නලලෙන් අල්ලල තල්ලු කරනවා.. ඒත් මම නෙවෙයි එයාව අත ඇරියෙ... එදා එයා මං වෙනුවෙන් කතා කරපු විදියත් අද එයා බැන බැන උනත් මාව එක්කන් යන්න ආව විදියත්... ඒව මගෙ හදවත පුරවලා දාලා තිබ්බ.. ශේර් කියන නමින් මගෙ හදවතෙ තියන කැලැල් උඩින් ශේර්ගෙම වැඩ නිසා බෙහෙත් වැටිලා තිබුනා.... මටත් ඕන උනේ හැමදාමත් එයා එක්ක ආදරෙන් ඉන්න... මටත් ඕනෙ උනෙ හැමදාමත් එයාට එයගෙ අයිය විදියට යුතුකම් ඉශ්ට කරන්න... එය මගෙන් ඈත් වෙද්දි මමත් ඈත් උනෙ එයගෙම පහසුවට... මගෙ ඇස් වලට කදුලු පටලයක් බැදුන...මං ඔයට හරි ආදරෙයි කියල කියාගන්න ඔන උනත් ඊට කලින් කට ඉස්සර වෙලා " මගෙ මල්ලි " කියන වචනෙ විතරක් එලියට පැන්නා....
" ඇගේ එල්ලෙන්න කිසිම දෙයක් මෙතන වෙලා නැ නේර්.. විද්නාල්ගෙ කීම අහක දාන්න බැරි හින්ද ආව එච්චරයි ... දැන් යනව අහකට.. "
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
එයාගෙ අත මගෙ අත් ගොබේට තද උනා.. එය මගෙ අතට එයාගෙ දිගම දිග නියපොතු වද්දන ගමන් මාව ඇගෙන් ඇදලා එයගෙ ඉස්සරහ හිට්ටවගන මගෙ මූන දිහා බලාගනම ඇගෙ එල්ලෙන්න තරම් දෙයක් නෑයි කීවා... එයා ඇවිත් තියෙන්නෙ චූටි අයියගෙ වචනෙ අහක දාන්න බැරි නිසාලු... අනෙ ඒත් මම හිතුවෙ හිතලම ආව කියලනෙ... මගෙ හිත ආයෙමත් පෑරුනා... මං ඔය ගැන හිතනව වැරදිද ශේර්.. මං හිතුවා ඔය මම එක්ක හොදින් ඉන්න උත්සහ කරනව කියල උනත් ඒක එහෙම නෙවේද...? එයගෙ වචන එක්ක ආයමත් පෑරුන හිතින් මම වචන එකතු කර..." එ..එදා.. ගරුකගෙ සිද්දියට.. ත්..තැන්ක්‍යු මල්ලි. "
අද උන දේ කෝම වෙතත් එද එයා මගෙ පැත්තට ඉදිය නිසාම මට එයාට ස්තූති කරන්න ඕන උනා...මම එයාගෙ මූන දිහා බලාගනම එයාට එදා සිද්දිය මතක් කරා වෙනකොට මම කීයටවත් බලාපොරොත්තු නොවුන විදියෙ මහ සමච්චල් හිනාවක් ඒ මූනේ මතු උනා... අනෙ ඇයි එහෙම...එයා ආපස්සට මට කිසිම දෙයක් කීවෙ නැ... සමච්චල් හිනාව විතරක් මම ගාව තියපු එයා මාවත් පහු කරන් ගෙට යන දිහා මං මිදුලට වෙලා බලන් හිටියා... මට ඔයාව නම් කවදාවත් තේරුන් ගන්න බෑ මල්ලි...
