" ලොකු බබා දැනන් හිටියෙ නැද්ද ගරුක ඔයාට කැමැත්තෙන් ඉන්නව කියලා.. ? "
පාටි බාටි හැමදේම ඉවරයි ... චූටි අයිය ඊයේ දුන්න හාදුවෙ රස්නෙයි සුවදයි විතරක් ඉතුරු කරලා මගෙ කාමරෙන් එක පාරම යන්න යනකොට එ ඇදෙ තනි උන මම හිතන්න දේවල් කෝටියක් එක්ක තනි උනා වෙනකොට කොයි වෙලාවෙ නින්ද ගියාද මමවත් දැනන් උන්නෙ නැ.. කොහොම උනත් නැගිටිද්දි මම හිටියෙ මගෙ ඇදෙ වෙනකොට උදෙම නැගිටල වෙනද වගෙම වැඩ ටික ඉවර කරන් ඩයරි එකයි ෆෝන් එකයි අරන් මම ඉක්මනින් ඔෆිස් රූම් එකට ආවේ කෙනෙක්ව උදේම බලාගන්න තිබුන ආසාවට උනත් ම්හුක්.... එයා තාමත් නැගිටල උන්නෙ නෑ.. ඒ ඇවිල්ලත් පැය බාගයක් නෑ... රූම් එකෙ දොර ගාවින් ලොකු අයිය මතු උනා වෙනකොට එයා මගෙ ටේබල් එකට හේත්තු වෙලා අත් දෙකත් පපුවට බැදගන මට එල්ල කරපු බරපතල ප්රශ්නෙ එක්ක බිමට බර උන ඇස් ආයම මම උඩට ගත්තා... මගෙ ඇස් ලොකු උනා විතරක් නෙවෙයි කටත් බාගෙට ඇරුන වෙනකොට කවදාවත් අහන්න බලාපොරොත්තු නොවුන දෙයක් එයා මට කීවා...
" ග්..ග..රුක...?? "
" ඔව් දරුවො... ගරුක ඔයාට කැමැත්තෙන් ඉන්නෙ අදක ඊයෙක නෙවෙයි.. ඔයාට දැනිලම නැද්ද..? ගෙදර යනව එනවනෙ.."
මොකක්..ග්..ගරුක... ග්..ගොඩක් කල්....
මගෙ කට විතරක් නෙවෙයි හිතත් ගොත ගැහුවා... මට කවද්ද දෙයියනෙ කෙනෙක් කැමැත්තෙන් හිටියෙ.. මම එහෙම කාටවත් කැමති හිතෙන විදියෙ කෙනෙක් නෙවෙයිනෙ.. අනික මම කාගෙවත් ආකර්ශනය දිනාගන්න පුළුවන් විදියට හැසිරෙන්න දන්න කෙනෙකුත් න්වෙයි ... කොටින්ම ඒ සබ්ජෙක්ට් එක මට අල්ප මාත්රයක්වත් තේරෙන්නෑ... එහෙම ඉන්න මට ගරුක ගොඩක් කල් ඉදල කැමතිලු..? මෙ මොන වර්ගෙ විහිලුවක්ද..?
" ක්.. කවදාවත් දැනන්.. හිටියේ නෑ... ලොකු.."
මං අමාරුවෙන් ලොකූට උත්තර බැන්ද.. මට අදහගන්න බැ. මං ඇත්තටම හිතන් හිටියෙ කවුරුත් එහෙම මට කැමති නැ කියලා.. හැමෝටම වගෙ ස්කෝලෙ කාලෙදි යාලු උනෙ නැතත් පස්සෙන් එන හරි කෙනෙක් ඉන්නවා.. අපෙ පන්ති වල හැම කෙනාටම හිටියා.. ඒත් මං එහෙම කවුරුත් වෙනුවෙන් ගියෙත් නැ.. මං වෙනුවෙන් කවුරුත් ආවෙත් නැ.. ඉතින් මට කවුරුත් කැමති නැතුව ඇති කියල හිතෙන එක සාදාරනයි ... මගෙ උත්තරෙ එක්ක ලොකූගෙ බැල්ම තව තීව්ර උනා වෙනකොට මම ආයම බිම බලාගන මාපට ඇගිලි දෙක එකට වද්දන ගමන් ඊගාවට එයා කියන්න යන දේට පුදුම වෙන්න ලෑස්ති වෙලාඋන්න...
