✒.7

852 155 56
                                    

හැමෝම තම තමන්ගෙ ලෝක වල...

එයාල කත වෙන මාතෘකාව නෙවෙයි මෙයාල කතා උනේ.. මෙයාලා හිනා උන කාරනාවට නෙවෙයී ඊට එහායින් ඉන්න අය හිනා උනේ.. හැමෝටම තිබුන තම තමන්‍ට කතා කරන්න මාතෘකාවක්.. හැබැයි මට ඇරෙන්න....

අම්මලාට වෙනම මාතෘකාවක්... තාත්තලාටයි එයාලගෙ යාලුවොන්ටයි... වෙනමම මාතෘකාවක්.. අයියලාට එයාලගෙ සමාගමට වෙනම්ම මාතෘකාවක් වෙනකොට ශේර්ටයි එයගෙ යාලුවොන්ටයි තිබ්බෙ ඊට හාත්පසින් වෙනස් මාතෘකාවක්...

වෙනදා තරම්ම නැතත්... අදත් මට මගෙම අය අතරෙ තට්ට තනි උනාම දැනෙන හැගීම දැනෙන ගමන් හිටියා.. මටත් කවුරු හරි කතා කරනව නම් දිගටම මං එක්ක කතා කරගන ඉන්නව නම්... මමත් කැමතියි.. ඒත් ඒ ඒ මාතෘකා වලට මාව ගැලපුනේ නෑ.. මට ගලපගන්න ඕන උනෙත් නැ.

බැදපු මස් කෑලි එක්ක මුරුක්කු වර්ග ගොඩක් කලවන් උන බයිට් ප්ලේට් එකෙන් මම තවත් කෑල්ලක් අරන් කටේ දාගත්තා... රසයි... එපා වීමක් නැතිම තරමට රසයි.. මගෙ පාලුව මැකුවෙම මට කන්න ලගට කරන කෑම වලින් වෙනකොට ඉස්මුරුත්තාවට වෙනකල්ම මම එක එක වර්ග කෑවා... එලියෙන් ඕඩර් කරල ගෙන්නපු කෑම වර්ග වලිනුත් මම ආසම දේවල් තෝරගන ඇති වෙනකල් කෑව වෙනකොට අනිත් අය සන්තෝස වෙන්න ලෑස්ති වෙන හැටි සාලෙ අයිනක පුටුවක ඉදගන මම බලන් හිටියා... පාලුයි.... !

" ආ... "

හැම මනුස්සයා ලගම ඇස් නතර කර කර එක එක දේවල් හිතින් හිතන ගමං හිටිය මගෙ ළඟින් චූටි අයියගෙ කටහඩ ඇහුන.. මට දැන් එයාට මූන දෙන්න අමාරුයි වගෙ.. එයාගෙ පහු ගිය පැය ටිකෙ සමහර හැසිරීම් නිසා මගෙ හිතට ඕනාවට වඩා ලැජ්ජාවක් දැනිල තිබ්බ වෙනකොට කන්නාඩි දෙක අස්සෙන් යන්තන් එ දෙතොල දිහා විතරක් බලපු මම එයා මගෙ පැත්තට දික් කරන් ඉන්න කොකාකෝල බෝතලේ අරගත්ත.. හිතෙ හොරයක් තියෙන නිසාදෝ මට ඒ ඇස් දිහා කෙලින් බලන්න අපහසු උනා වෙනකොට දෙතොල උඩ තිබ්බ ඇස් මම ඉක්මනින් ආපහු පාතට හරව ගත්තා..

" එලියට එන්න එපා ම්ම්.. "

අතක් මගෙ හිසකෙ අස්සෙන් අරන් යන අතරම එයා හඬ අවදි කරා වෙනකොට බිම බලාගනම මම එයාට හූමිටි තිබ්බා..

✒️. තුංමන් හංදිය Where stories live. Discover now