" උබ රෑ තිස්සෙ නාඩගම් නටන්න තියාගන්න එපා ශේර්.. තාත්ත උබට මෙ හොදින් කතා කරන අවසන් වතාව... මම මෙ ඉවසන්නෙ උබ අඩ සිහියෙන් හින්දයී... හෙට සිහියෙන් ඉද්දි විසදගන්න ඕන දේවල් මෙ වගේ වෙලාවක විසදන්න ගියෝතින්... උබෙ තාත්ත මාරයා වෙයි ... "
වෙලාව 11 හමාර පහුවෙල ගියා.. කාමරෙ ඉදගන මාව තුරුල් කරගත්ත චූටි අයියා මගෙත් එක්ක කාමරෙ විනාඩි ගානක් එකම විදියට රැදිල එක්කන් ආවෙ සාලෙට වෙනකොට අපි දෙන්නම සාලෙට වෙලා ඉදගන අම්ම එක්ක තාත්ත එනකල් මග බලන් හිටිය... තාත්ත හිටියෙ ශේර්ව හොයන්න යන්න නෙවෙයි..ඒත් මං දුකින් හින්දම චූටි අයියගෙ කීවම තාත්ත ක්ලබ් එකට ගියා වෙනකොට පැය කාලක් හමාරක් යද්දි තාත්තගෙ වාහනෙ අපෙ වැලි මිදුලෙ නැවතුනා...
ඒත් හිතෙ තිබ්බ සැනසීම එ මොහොතෙම නැති වෙල ගියෙ ශේර් තාත්ත එක්ක රන්ඩු කරන්න පටන් ගන්නකොට ...
අපි හැමෝම හිටියෙ සාලෙ වෙනකොට ශේර්ව එක්කන් ආව එකට ශේර් තාත්තට දෙස් තියන්න පටන් ගත්තා...ගහල එලවගත්ත එකේ මොකටද හොයන්න ආවෙ අහ අහාම ශේර් තාත්ත එක්ක එල්ලෙනකොට තාත්තගෙ සීමාවත් පොඩ්ඩ පොඩ්ඩ අඩු වේගන ආව වෙනකොට මම අම්මගෙ අතේ එල්ලුනා.... අයෙ ආයෙත් ගහයිද....?
" ඉතින් වෙයන්.. මාරයා බැරි නම් ඕනෙ පකෙක්... කවද්ද තාත්තෙ උබ මට ආදරෙන් පුතේ කීවෙ... එහෙම කතා කරපු අවසන් දවස මතක්කරල දීපල්ලා කවුරු හරි මට.... ගහල එලව ගත්ත මදිවට යාලුවො තලෙ ලැජ්ජ කරල ඇදගෙනත් ඇවිත්.... මෙන්න මූව අස්සෙ තියන් හුරතල් කරා ඇරෙන්න තාත්තට කවද්ද මතක් උනේ මටත් හිතක් තියෙන්නේ කියලා... කන්න ගේන දේ පවා හන්ග හන්ග මේ ගෙදර උන් උද්දන්නෙ මූට... තොපි එකෙක්ට මාව මතක නැ... තොපි හිතන් ඉන්නෙ මම හිතක් පපුවක් නැති එකෙක් කියලා.. ආ අම්මා... කවද්ද අම්මෙ මට ආඩපාලි නොකියා උදේට නැගිට්ටපු දවසකට තියෙන්නේ... කවද්ද ඒ දවස....? "
නැ තාත්තට තියා අපිටත් හුස්මක් ගන්න හම්බුනෙ නැ.. එයා තාත්තට උබ කියලම බැන්නා.. එය අම්මට තාත්තට දෙපාරක් නොහිතම දෙස් තිබ්බා... අනෙ එය ඉන්නෙ අවසිහියෙන්.. ඒත් ඔය වචනවලට අම්මගෙ තාත්තගෙ හිත රිදෙනවනෙ මල්ලි.. මම අම්මගෙ අත් ගොබෙ බදාගත්තා... එය කියනව ගෙදර අය ආදරේ මට විතරයි ලු... එය දන්නැ අපි එයාට ආදරේ තරම....
