බීප් බීප් බීප්සරාස්
අභීන් මොකද්ද ඒ සද්දේ ආආ
......
කන් ඇහෙන්නෙ නැද්ද ?ආ හරි ඔය කරලා තියෙන්නෙ .ගිය සතියෙ තාත්තා බැංකොක් ගිහින් එද්දි ගෙනාව බෝල් එකක් නේද බින්දෙ .
හිතලා බින්දෙ නෑ
"උදේ පාන්දර 6 වගේ ඇහැරුන මම පහල කුස්සියට ආව.බඩගිනී .ඊයෙ රෑ හිස් බඩින් නිදාගත්ත නිසා සෑහෙන්න බඩගිනී.කොහෙද ඉතින් වෙන අම්මලා වගේ ලමයා එනකන් ඇහැරිලා ඉන්නව ද? අඩුම කෑම ටික බෙදලා වහල තියෙනවද ? නෑ ඒ කිසිම දෙයක් මගේ අම්මගෙන් බලාපොරොත්තු වෙලා වැඩක් නෑ.මම පාන්දර ගෙදර එන නිසා එයා නිදාගන්න කලින් සේරම බාජන හෝදනවා.අඩුම මම කාලද ගෙදර එන්නෙ කියලවත් එයා දන්නෙ නෑ.එයා පාන්දර වෙනකන් phone එක බලලා දවල් වෙනකන් නිදාගන්නවා.ඔව් ඉතින් කරන්න කියල වැඩක් ඇත්තෙත් නෑනේ.උදේ 7 ට විතර සුමන ඇන්ටි ඇවිත් උයනවා .අම්මා දවල් වෙනකන් නිදාගෙන ඇවිත් කනවා.මම පැන්ට්‍රියෙන් මයිලෝ එක අරන් බෝල් එකට හැදි තුනක් දාලා ෆ්‍රිජ් එක පැත්තට යන්න හැරුනා විතරයි මගේ අත වැදිලා බෝල් එක බිම වැටුනා.වැටිච්චපාර බයවෙලා ගැහෙන පපුවට අත මිටි කරලා පාරවල් දෙකක් ගහගත්ත මම පහත් වෙලා වීදුරු කටු අහුලන්න ගත්තෙ අම්මගේ කෑගැහිල්ල අස්සෙ.අම්මා කෑගහගෙන කුස්සියට ඇවිත් තාත්තා බැංකොක් ගිහින් ගෙනාවා කිය කිය හූල්ලන්න ගත්තා.ඉතින් හිතලා බින්දෙ නෑනෙ මන් අත වැදුනනේ.මම පහත්වෙලා ඉන්න ගමන්ම අම්ම දිහා බැලුවා.අම්ම හිටිය විදියෙන් මට තේරුනේ අද එයා මගේ හිත ගොඩක් රිද්දන්න හදන්නෙ කියලා.මම නිදහසට කාරනා කියද්දි අම්ම මහ හයියෙන් කෑගැහුවා ."
රෑ තිස්සෙ රවුම් ගහනවා.රවුම් ගහලා හති වැටුනම පාන්දර ගෙදර එනවා.
"මට දැනුනෙ පුදුම සතුටක් ඒ කියන්නෙ එයා මම ගැන හොයනවා කියලද.අනේ මට සතුටුයි .මට අම්මව උස්සන් වටයක් කරකවන්න ඕන .ඒත් එයා ඊළගට කිව්ව දේ එක්ක මගේ හීන ලෝකෙ කඩන් වැටුනා "
ඔය රෑට රවුම් ගහන තැනක එලිවෙනකන් ඉදලා එන්න එපැයි.මගේ නින්දත් කැඩුවා.ශික් පුදුම කරුමයක් මේකනම්.මගේ කරුමෙට හම්බුන එකෙක් .
