පහළොස්වන කොටස

1.9K 206 89
                                    

දින දෙකක් සමකාමීව ගෙවිලා ගියේ අද උදේම රනා රාජුව ගෙදර නවත්තලා ගමට පිටත්වෙද්දී.

"රාජු මාමේ.."

දේව් ගේ කැ ගැහිල්ලට පඩියෙ ඉදගෙන ඉදපු රාජු නැගිට්ටේ දේව් මිදිමරගාතේ  ඉස්තෝප්පුවට එද්දී.

"පොඩි හාමු..."

"රනා ආවේ නැද්ද තාම.."

"දැන් එයි පොඩි හාමු.."

"ම්ම්ම්.."

දේව් හාන්සි පුටුවක වාඩි උනේ එතනත් නින්ද යද්දී.රාජු ඊට එහා බිමින් ඉද  ගත්තේ හතරෙ හෝරාවත් පහු වෙලා තාමත් රනා නැති වෙද්දී.

"ගුරුන්නාන්සේ.."

"ම්ම්.."

රනා දැන් ඉන්න විදිහ දකිද්දීත් රාජුගේ කටේ කෙල හිදුනෙ යකා ගහලා වගේ ඒ ගතේ නහර ඉලිප්පිලා ඇස් රතු ගැහිලා තියෙද්දි.

"උබ පලයං රාජු.."

"ගුරුන්නාන්සේ මක්කයි උනේ.."

"කාලාද මේ බුදියන් ඉන්නේ.."

"ඔව් ගුරුන්නාන්සේ.."

"ම්ම් උබ පලයං රාජු වෙද ගෙදරට.."

තැති ගැම්මෙන් උනත් රාජු යන්න හැරුනේ අද රනා මොකට උනත් හොද ජල්ලියක් අල්ලනවා කියලා දන්න හන්දා පොඩි හාමුව දාලා යන්ට ලෝබ කමෙන්.

රනා ගිහින් දේව් ගේ ඔලුව අත ගෑවේ නාලා ඉදපු දේව් ගේ කොන්ඩේ තාමත් තෙත වෙද්දී.රනා දේව් ව අත් දෙකට ඇරන් ගිහින් කාමරේ ඇදෙන් තියලා රෙද්දක් දාලා නෑනකමරේට රිංග ගත්තේ නා ගන්න.නාලා කාලා රනා ඇවිත් සාලේ පුටුවකින් ඉද ගත්තේ දේව් තාමත් සුව නින්දේ ඉද්දි.රනා අතේ තිබ්බේ පැතලි දුරකථනයක්.

"Hello පරාක්‍රම.."

"උබ එන්නේ නැද්ද බං අනිද්දට.."

"මට එන්න වෙන්නේ නැ බං උබ එහෙනං දෙවෙනි මගුලත් කර ගහනවා නෙ.."

"උබ ඉන්නම ඕනේ බං මං ලග .."

"මට එන්න වෙන්නේ නැ බං මං පස්සෙන් පහු දවසක එන්නන් කො.."

"මට හරි අවුල් බං යශෝදා ගියේ මගේ ජීවිතේම කාලා.."

"එව්වා එහෙම තමා බං.මං තියන්නද පරාක්‍රම මෙහෙට හොදටම වැස්ස.."

"රකිත  උබ එන්නම ඕනේ බං කැම්පස් එකෙන් හම්බුන හොදම යාලුවා උබ.."

රනා.. (Completed )Where stories live. Discover now