වෙල් යායට එහායින් හීන් සීරුවට ඉර ගිලීගන යනවා.. කම්බි වැට ලගින්ම ඇල පාර ගලාගන යනවා කඩින් කඩ ගහල පදුරු පිරිලා...වෙල් යාය මැදින් හීන් සීරුවට හමාගන එන ලා හුළග වැදිල ලොකු වැස්සකට උනත් ඔලුව බේරගන්න පුළුවන් තරමට වැඩිලා තිබ්බ ගහල කොල එක සීරුවට ගැස්සි ගැස්සි හෙලවෙනවා..
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. වතුර පාර දිගේ තැනින් තැන කඩිති වල එක එක ජාතියෙ සත්තු රොතු රොතු කෑ ගහනවා.. බන්ඩි ගොයමෙන් එන අමුතු සුවද මට මහ සැනසීමක් ගෙනාවා..
මන් මෙච්චර සැහැල්ලුවෙන් එලියකට වෙලා බත් කටක් කන්නෙ සෑහෙන දවසකට පස්සෙ.... එලියෙ රෙස්ටුරන්ට් එක්කින් හොටෙල් එක්කින් ගිහින් කෑවත් මට හිතට සැටිස් වෙන්න ඒ වගෙ තැන්වලින් කන්න නිදහසක් දැනුනෙ නෑ.. මට ඔනෙ මමම විතරක් ඉන්න තැනක මං ගැන මොනා හිතයිද කියන හැගීමෙන් මිදිලා හිතේ හැටියට ඉදගන ඇති වෙන්නම කන්න...
ඒත් මගෙ ගෙදර මට එ තරම්ම නිදහසක් ලැබුනෙ නැ.. එහෙම ලැබුන නම් ඒ තාත්ත හිටිය දාට තමයි.. නමුත් අද එහෙම නෑ අනූ නැන්දගෙ ගෙදර කියන්නෙ මට කවදාවත් පිට තැනක් නෙවෙයි... ඒ හැගීම ඉපදුන දා ඉදල අද වෙනකල්ම එහෙමයි.. මොකද ඒ ගෙදර මිනිස්සුන්ට අපිව ඒ පව්ලෙම අය හා සමයි...කවදාවත් මට දශමෙක අපහසුතාවක් නොදැනුන තැනක්නම් ඒ මේ ගෙදරම විතරයි .
ස්කෝල ක්ලාස් උනත් මට උන අපහසුතා බෝමයි... හැම පන්තියකම ඉන්නවලුනේ කෙල්ලො අස්සෙ රින්ගන කොල්ලෙක්... අපෙ පන්තියෙ ළමයින්ට අනුව ඒ ගැනු අස්සෙ ලගින එකා මම...
එක එක පරමාර්ථ උඩ ඒ ඒ වෙලාවට අපි අපිට පහසු මිනිස්සු තෝරගන්නවා.. ආට් එකේ ගෑනු බාගෙ කියන ටැග් එක මට මහ ලොකු අරුමයක් උනේ නැ හැබැයි වේදනාවට හේතුව නම් ඒ කාඩ් එක මට දුන්නෙ මගෙ නිව්න් සහෝදරයා උන එක..
