✒ 1

1.9K 165 37
                                    

නේර්ගේ මානයෙන්....

හැමදාමත් කන්දෙන් කන්දට
ගියා නමුත් හඳුනනැති
පිය සටහන් තබා ගියේ මඟ
බලා උන්නු ඔබ වෙන්නැති
හැමදාමත් මල් පිරුණු ඒ ඈත
ගස දුක දන්නවා ඇති
කවදාවත් නොකී කතාවක
කෙලවරේ මම ඉන්න ඇති

දරා උන් දින ඇත තනි වී
නොකී ප්‍රේමෙන් මම පිරුණී
කුරුඳු කුඩු සුවඳ තේ රස්නෙට පවා
මම නිවුනැති
ගවරවෙල කන්දටත් ඔබටත්
මටත් අපෙ මතක ඇති
බලා ඉමි මම අසරණ වී
මමයි නුඹේ සංචරණී....

දරා උන් දින ඇත තනි වීනොකී ප්‍රේමෙන් මම පිරුණීකුරුඳු කුඩු සුවඳ තේ රස්නෙට පවා මම නිවුනැතිගවරවෙල කන්දටත් ඔබටත් මටත් අපෙ මතක ඇතිබලා ඉමි මම අසරණ වීමමයි නුඹේ සංචරණී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පොතක් ඇතුලට රිංග ගන්න ඔයාට අවස්ථාව ලැබුනොත් ඔයා යන්නෙ මොන පොත ඇතුලටද?

කවුරු හරි කෙනෙක් මගෙන් ඒ ප්‍රශ්නෙ ඇහුවොත් දෙවරක් නොහිතාම මම උත්තර දෙනවා

ඒ මස්ඹුල සර්ගෙ මැයි මාර ප්‍රසංගෙ...

"එයා කොහොම හරි මගේ වෙන්න ඕනී කියන එක දේශපාලනිකයි. එයා කොහේ හරි සතුටින් ඉන්නවා කියන එක විශ්වීයයි"

විශ්වාස කරන්න
රූපයක් දැකලා නැති කටහඬක් අහලා නැති සමිධ අයියාගෙ කටහඬ මගෙ කන් ඇතුලෙ දෝන්කාර දෙන්න ගත්තා....

ඇත්තටම කොහොමද ඒ මනුස්සයා ඒ තරම් ආදරේ කලේ?

පපුවට තුරුල් කරගෙන ඉදපු පිටු එකසිය අටක ශෝන්තය මං හරි පරිස්සමින්  පොත් මේසෙ උඩින් තිබ්බා...

පිටු එකසිය අටකට පුලුවන්ද පපුවකට කතා කරන්න......මිනිස් පපුවක සියුම් තැන් ස්පර්ශ කරන්න

පුලුවන් ඇති
මොකද මේක නිකන්ම පොතක් නෙවෙයි
මේ පොත පුරාම තියෙන්නෙ අහස පොළොව පවා සාක්ෂි දෙන සමිධගෙ ආදරේ.......

මස් ඉඹුල සර් අතින් වචන වෙලා තියෙන්නෙම සමධගෙ පපුවෙ පන ගැහුන පිරිසිදුම ආදරේ.....

✒️. තුංමන් හංදිය Where stories live. Discover now