special episodes (3) 📚

1.8K 122 19
                                    

" අහ්හ්....."

" සුදු පුතා....අනෙ ඇයි මෙ අත්තම්මා දිහා බලන්න මැණික අනේ බලන්න කො...."

" එපාහ්...එපාහ්....යන්න....එපාහ්....අශේන්...කො මගෙ අශේන්....උබලා උබලා එයාව හැන්ගුවා....අශේන්....අශේන්....එලියට එන්න කො සුදු මහාත්තයා....අශේන්....මේ මං මල් කැඩුවා....අපි යන්.....දළදා වදින්න යන්...."

" දේයියනේ සුදු පුතා....කො මල් වට්ටිය දෙන්න...."

" එපාහ්....උබලා උබලා එපා.....මට එපා....අශේන්....එන්න කියපන්...මගෙ සුදු මහාත්තයා ට....කො එයා....කෝ....එන්න කියන්න...අත්තම්මේ එන්ට කියන්න කො.....මං පැණි වලලු දෙන්නම් කියන්න එන්න කියන්න....එයා නැනෙ...මාව බලන්න අවේ නැනෙ.....කො ....මගෙ අශේන් කෝ....එයාට තරහා ගිහින්ද....අයියො මං බැන්නානෙ පව් අප්පා....අයෙ බනින්නෙ නැ කියන්න....අයේ වැවෙ යන්නෙ නැ කියන්න....එන්න කියන්න කො....මගෙ අශේන්ට එන්න කියන්න....සුදු මහාත්තයාට එන්න කියන්න....මෙ මං පිච්ච මල් කැඩුවා එයා ආසම එව්වා මං කැඩුවා නෙ මේ සුවදයි අත්තම්මෙ මේ බලන්න සුවදයි නේද...."

පිච්ච මල් පුරවපු මල් වට්ටියත් අතේ තියාන් ගේ හැමතැනම ඇවිද ඇවිද දවස් ගානක්ම පෙන්න නොහිටිය අශේන් ගෙ රූපෙ හොය හොය යශෝද් අඩි හැප්පුවා.....කියන කරන දෙවල් දරා ගන්න බැරිම තැන අයොද්ව එක්ක එන්න කියලා අත්තම්මා යශොද් ගෙ අම්මාව වලව්වට පිටත් කෙරුවා...

" දුවේ එන්න කියපන් අයොද් පුතාට ......"

" හරි අම්මේ...."

" කවුද ඒ....දුව කිව්වෙ ඇයි...අත්තම්මා ට දුවලා ඉන්නවද....අහ් අර රත්නපුරේ නංගි නෙද....අහ්....එත් මට එයාව මතක නැනෙ කවුද ඒ.....අශේන්....අශේන්....බලන්න කො අත්තම්මේ දවස් ගානක්ම අවේ නැ එයා මාව බලන්න....මං විටමින් වෙලාවට බිව්වානෙ නෙද බිව්වානෙ....එකනේ මං බිව්වා නේ....එත් එයා තරහා වෙලා නෙ අයි අයියො....මං මෙ මලුත් කැඩුවා දළදා වදින්න යන්න.....මෙව්වා සුව....දයි.....අශේන් ආ....සයිනේ....."

" මගෙ රත්තරං සිහියට වරෙන් කො දරුවෝ....උබේ අත්තම්මා ගෙ පපුව පැලෙයි රත්තරං.....අපි කරපු පව මොකක්ද දෙවියනේ....මගෙ කොල්ලා කරපු පව මොකක්ද...."

ඔලුවට ගහ ගහා තුන්තිස් දෙවිවරුන්ටම දුක කියන අත්තම්මා දිහා හිනා වෙවි බලාන් ඉදපු යශ් වට්ටියෙන් පිච්චමල් දෙක තුනක් අරන් අත්තම්මා ගෙ අත් අතරෙ තිබ්බා....

නොනිමි ʸⁱᶻʰᵃⁿ ✔️Where stories live. Discover now