විසිඅටවන දිගහැරුම..

8.5K 636 40
                                        

“හාමු....”
“.........”

“මහත්තයෝ....”

“......”

“බබාලගේ අප්පච්චි....”

“මොකද සිහින මොන වදයක් ද?. මට ටිකක්‌ තනියම ඉන්න ඕනේ...”

“ම්හුක්.. අනේ හාමුවෝ සමාව දෙන්නකෝ... ආයේ කියන්නේ නැ....”

මටත් ගස්සගෙන ආපු හාමුව මුළු වලව්වේ ම හෙව්වත් හම්බුනේ නැති තැන හොයන්න කියලා මිදුලට බැස්සම තමයි දැක්කේ පට්ට කරුවලේ මිදුල කෙලවරේ ලී කොටයක් උඩ ඉදගෙන හැටි..

වලව්වේ දාල තිබ්බ ලයිට් එළියෙන් ලා ආලෝකයක් තිබ්බ හින්දා හාමුව අනාගත්ත මන් ලගට ගිහින් මූන අකුලන් ඈත බලන් ඉන්න හාමුට කතා කරේ හාමු ඇහුනේ නැ වගේ ඉද්දි....

“ආයේ කියන්නේ නැ නෙවෙඉ කියපන් බලන්න කට කඩනවා මන්...”

“හා අනේ.. සමාවෙන්න මට....”

“හ්හ්... සමාව ඉල්ලපුවම හරිද සිහින.. ම්ම්.. සමාව කියන වචනෙට පුළුවන් ද ටිකකට කලින් උබේ ඔය පිහි තුඩු වගේ වචන වලින් රිද්දපු හිතට සහනයක් දෙන්න ම්ම්ම්.. කියනවා බලන්න පුළුවන් ද...”

“බැ.. අනේ.. හාමු...”

“හ්හ්.. ඇයි උබ දැන් කිව්වේ උබ නැතුව හිටපන් කියලා.. ඉන්නවා තමයි ඔඊ ඉන්නවා අඩි හයක් යට.. උදේ දවල් රෑ නැතුව මේ ඇස් හොයන්නේ උබව.. උබට.. උබ දන්නවද සිහින.. උබට අසනීප උනාම මගේ හුස්ම හිරවෙන්නේ... මමයි පන පිටින් පිච්චෙන්නේ... එහෙව් කොට උබ... උබ.. ඇත්තමයි.. කියපන් මගේ ආදරේ උබට දැනෙන්නේ නැද්ද ආ... නැ.. මොකුත් කියන්න එපා...පලයන් සිහින ඇතුලට...”

“අනේ මහත්තයෝ දැන් ඇති අනේ... ආයේ කියන්නේ නැ දෙයියනේ....”

“දැන් ඇයි අඩන්නේ....”

“මහත්තයෝ...”

“ඇයි අඩන්නේ කියපන් සිහින.. ඇයි අඩන්නේ.. වහගනින් උබේ ටැප් එක.. අඩන්න තියාගත්තා...”

“ම්හ්ම්.. සමවෙන්න... මහත්තයෝ...”

.....

“ම්ම් කෝ එනවා මෙහාට.. අඩන්න හොද නැ සිහින ඔයාට.. කෝ එනවා ලගට... අඩන්න තියාගත්තා...ම්ම්.. හරි අඩන්න එපා දැන්...”

“සමාව දෙනවද... තරහා වෙන්න එපා හාමු...”

“ම්ම්ම් සමාව දුන්නා මැණික... තරහා නැ මන් කොහොමද තරහා වෙලා ඉන්නේ ම්ම්ම්.... එන්න ඇතුලට යමු.. කාලත් නැ නෙ..”

අවසන් සඳ....(completed)Where stories live. Discover now