විසිහත්වන දිගහැරුම.....

7.6K 581 24
                                        

“සිහින.. දරුවෝ.... සිහින... වෙද මැණිකේ කොල්ලට සිසි නැති උනා....”

“හ්හ්...”

“වේද මැණිකේ... සිහියට එන්න... කොල්ලට සිහි නැතුව ගියා....”

“අහ්හ් මැණිකේ... අනේ දෙයියෝ.. සුදු මහත්තයෝ... මොකෝ මයේ කොල්ලට මේ... උනේ.. අනේ... කුරාකුහුබුවෙක්ට කරදරයක් නොකරන දරුවා දෙයියනේ.....”

“හා හා.. හාමිනේ කලබල වෙන්න එපා.. ඔහොම්ම ගිහින් උදව්වට කව්රු හරි එක්ක අවා නම්...”

“හා.. හා ඉන්න මැණිකේ....”

කාව හරි එක්ක එන්න වෙද හාමිනේ ව යවපු ලොකු ම්නිකේ සිහිනගේ කම්මුල් වලට තට්ටු දැම්මේ සිහි ගන්න..

“සීවරන් දෙයියනේ ලොකු මැණිකේ මොකද මේ පොඩි මැණිකේට උනේ...”

“උබ මොන ඉලව්වේද ගියේ යසෝ... පලයන් කව්රු හරි එක්ක වරෙන් ගිහින්....”

“එහෙමයි.. එහෙමයි මැණිකේ....”

වේද හාමිනේ ගියපු ගමන්ම වගේ විටක් හපහප දුවන් ආපු යසෝවත් කව්රු හරි එක්ක එන්න පිටත් කරේ ටිකකින් කසුන් වගේම ජයරත්නත් පන කඩාගෙන වලව්වට දුවන් එද්දී....

“මගේ අම්මේ මොකද මේ උනේ....”

“ලොකු මැණිකේ.. අපේ සිහින මැණිකේට මොකද මේ....”

“හා උබලා දෙන්නත් මැරෙන්න හදන්නේ නැතුව සිහිනව උස්සව්වා නම්... වේද හාමිනේ වේද මහත්තය එක්ක එන්නකෝ... යසොත් එක්ක යන්න....”

“එහෙමයි මැණිකේ..”

කිරි අම්මට ඇවිදගන්න වත් පනක් නැති උනත් යසෝ ඉක්මන් කරලා දිව්වේ වේද මහත්තය එක්ක එන්න...

“මැණිකේ පොඩි මැණිකේ ගිනි කබල වගේ නොව...”

“ම්ම්ම්.. කසුන් පහල සුද්ද කරන්ඩ... ඉදුවර එහෙම දැන් ඒවි... දැනගන්න බැ මේක කව්රුත්... හරි... ජයරත්න.. මට සිහිනව පිහන්න වතුර එකක් අරන් එන්න...”

කියපු සැනින් දෙන්නම දිව්වේ ලොකු මැණිකේ සිහිනගේ ලේ වලටම තෙත් වෙලා ගියපු ශිර්ට් එක ගලවද්දී...

“ආ මැණිකේ...”

“ම්ම්....”

වතුර එක දීපු ජයරත්න එලියට යද්දී මැණිකේ සිහිනගේ ඇග පිහදමලා ඉවර කරලා මැණිකේගේ ලේ ගැවුන ඔසරිය ගලවලා ඉක්මට ගව්ම්ක් දාගත්තේ වෙද මහත්තය එද්දී...



අවසන් සඳ....(completed)Where stories live. Discover now