විසිපස්වන දිගහැරුම.....

7.3K 567 40
                                        

ඇහුන සද්දෙට මමයි හාමුයි දෙන්නම බැලුවා...
සුදු...

“ඉන්න අයියේ මන් අස් කරන්නම්...”

“එපා සුදු අත කැපෙයි... කෝ... ඉන්න....”

මාව ඇදෙන් තියලා හාමු ගිහින් සුදුට වීදුරු කටු ටික අස් කරන්න උදව් කරේ මගේ හිතේ පුංචි මෙව්වා එකක් ඇති වෙද්දී...













“කෝ සිහින මේ ටිකත් කන්න...”

“අයියෝ... මට එපා අනේ... කනවා කනවා ඉවරයක් නැ...”

හාමු අප්පච්චි කෙනෙක් වෙන්න යන්නේ කියන ආරංචිය දැනගත්ත වෙලාවේ ඉදන් වලව්වේ අය මට මල් තියලා වැන්දේ නැති ටික විතරයි.. හාමු තත්පරයකට මන් ලගින් හෙල්ලෙන්නේ නැ.. කවනවා කවනවා ඉවරයක් නැ..

ඔව් හාමු කැව්වොත් විතරයි මට වමනේ යන්නේ නැත්තේ.. නැත්තං වතුර උගුරක් බිව්වත් ඇති පිට දාන්න.. ම්ම්ම් අප්පච්චි වගේම කොල්ලෙක් තමයි..අප්පච්චි ගේ වගේ රූපෙයි අම්මගෙ වගේ මොලෙයි තිබ්බොත් ශෝක්.. හැබැයි අප්පච්චිගේ වගේ නපුරු කමත් තියෙන්න ඕනේ.. කොල්ලෙක් උනාම අහිංසක වෙලා බැ මගේ පුතේ... දැක්කනේ අම්මට උන දේ අහිංසක වෙන්න ගිහිල්ලා....
ම්ම්ම්

වලව්වේ අය ඇරුනම අනිත් කෙනා කිරි අම්මා. කොයි වෙලේ බැලුවත් එක එක ඒවා හදන් එනවා.. ගයන්ත ගැන කියලා වැඩක් නැ උ එදාම හවස ඇවිල්ලා වලව්වේ පදිංචි උනා.. සිරි මල් ඉතින් කොයි වෙලෙත් මෙහෙ...

“තව ටිකයි සිහින කලා ඉන්නකෝ...”

“අනේ මට බැ... අයියෝ... කන්න බැ.. ඇති.... ඔයා කන්න වදේ...”

හමුටත් ගස්සන් මන් පහලට ආව එතකොට ලොකු මැණිකේ සාලේ ඉදගෙන මොකද්ද එකක් මහනවා.. ලොකු හාමු පත්තර බල බල ඉන්නවා...

“මොකෝ දරුවෝ මේ වැටෙයි බලාගෙන... අනේ අම්මේ.. කෝ එන්න මෙහාට...”

මන් එනකොට ලොකු හාමු මාව ඒ දෙන්නගේ මැදින් ඉදගස්සගත්තේ මමත් ගිහිල්ලා ලොකු හාමුට හේත්තුවක් දාගද්දී...

“බලන්න මැණිකේ සතී දෙකට කොල්ලගේ සයිස් ඒක...”

“ඔව් නෙ.. අර පොඩි හාමුගේ වැරැද්ද මාමණ්ඩි.. කවනවා කවනවා ඉවරයක් නැ.. මාව සරණාගත කදවුරකින් එක්ක අවා කියලා හිතන් ඉන්නේ....”

අවසන් සඳ....(completed)Where stories live. Discover now