විසිතුන්වන දිගහැරුම...

7.3K 532 43
                                        

“ක්හ්ම් දැන් මට මෙතන උන දේ පැහැදිලි කරලා කියපියව් දෙන්නම....”

මන් හිටියේ වැව් ඉව්රේ තියෙන ලොකු ගල උඩ.. එතකොට හොර වැඩ කරලා අතේ මාට්ටු ගයන්තයි සිරිමලුයි ගල යට..මදැයි ගෙදර යන්න අවා..

“සිහින..... අපි කියන්න හිටියේ....”

අම්මේ සිරිමලාගේ අහිංසක පාට... අර සමන්තත් එක්ක ඉදලාද කොහේද මේක මේ ඇස් ලොකු කරලා බලලා අහිංසකයි වගේ රගපාන්න ඉගෙනගෙන තියෙන්නේ..මියෝ දෙතුන් දෙනා අල්ලපු දවසට සමන්තත් ඔහොමයි....
ගයන්ත සද්ද නැ... ඔව් සද්ද කරන්න පුළුවන් යෑ.. ගල් අස්සේ ප්‍රසිද්දියේ නාදළු ඉබින්න තියගත්තම..

“ගයන්ත....”

“හරි හරි බන්... කියන්න තමයි හිටියේ....”

“දැන් කොච්චර කල්ද...”

“දවස් හතරයි....”

“ඈ...”

“අනේ සිහින මෙන්න මේකා තමයි අර කනේරු ගෙඩියක් උස්සන් ඇවිල්ලා මන් කැමති උනේ නැත්තං කලා ගගේ පනීනවා කිව්වෙ.... එකයි මන් හා කිව්වේ....”

මොකක්.. යකෝ ගයන්ත....මුගේ ආච්චිට හාල් ගරන්න කනේරු කාල ගගේ පනින්න ඕනේ නැ වතුර ටිකක් බිව්වම ඇති කියලා මු දන්නේ නැ නෙ.. නොදකින්...

මන් බොහොම අමාරුවෙන් හිනාව කා ගෙන බැලුවේ සත්‍යප්‍රේමබ්‍රුංගරාජ්‍යා දිහා.. මු ඉන්නවා බීම බලන් ලැජ්ජ හිතිලා වගේ....

“දැන් සිරිමල් වෙන කව්රු හරි ඇවිල්ලා ඔහොම කිව්වත් හා කියනවද....”

“අපෝ පිස්සුද... වෙන එකෙක් කනේරු බැරි නම් නයෙක් කාල මැරුණත් මට මොකද අනේ..”

දෙයියනේ මු....හරිම අගෙයි හරිම අගෙයි....

“දැන් ගෙවල් වලින් දන්නවද...”

“අනේ සිහින මෝඩ වෙන්න එපා ගෙදරින් දන්නවා නම් මේ ගල් අස්සේ හැංගිලා ඉබිනවද නැ නෙ...නැ.. ගෙදරින් දන්නේ නැ....”

මාව ඉස්පිරිතාලේ ගිහින් දාන්න අයියෝ... මේවා බලන් ඉන්න මට බැ.....

“දැන් ගෙවල් වලට කියන්නේ නැද්ද...”

“අපි ළමයෙකුත් හදාගෙනම ගෙවල් වලට කියන්න හිතුවේ... නේද.. ඔඊ.. මිනිහෝ ඔව් කියාපන්...”

අවසන් සඳ....(completed)Where stories live. Discover now