“ශා... ඔය ඉන්නේ පොඩි මැණිකේ කෑල්ල වගේ...”
ලෑස්ති වෙලා ඉවර වෙලා කන්නාඩියෙන් පේන මගේම රූපෙ දිහා බලාගෙන කියලා හාමුව හොයාගෙන කාමරේන් එලියට ආව..
ටක් ටක් ටක්.
හාමු නානවා වගේ.. බාත්රූම් එකේ දොරට තට්ටු කරද්දී ෂවර් ඒක වහපු සද්දේ නම් ඇහුනා...
“මහත්තයා මේ මන්....”
“ඔව් මැණික ඉන්න මන් දොර අරින්නම්...”
“නැ එපා හාමු ඔයා නාගන්නකෝ... මන් මේ කතා කරේ මන් මල් ටිකක් කඩාගෙන එන්නම් කියන්න...”
“මමත් එනකන් ඉන්න සිහින..”
“හාමු නාගන්න අනේ මට තනි නැ.. බාගෙට එහෙම නාගන්නවා නෙවෙයි ”
“එහෙනම් කසුන්ව හරි ජයරත්නව හරි එක්ක යන්න.. මන් ඉක්මනට එන්නම්....”
“හා...”
මන් වලව්ව පිටිපස්සට යන්නේ හමුවෝ.... පැනලා යනවා නෙවෙඉ.....
මිදුලට ආපු මන් කසුන්ව හෙව්වත් පෙන්න නැ...
ගෙදර අයත් පෙන්න නැ.. ලෑස්ති වෙනවාද කොහේද...කව්රුත් නැති එකේ මන් වට්ටියත් අරගෙන වලව්ව පිටිපස්සට ගියේ වතුසුද්ද ගහේ මල් කඩන්න..
බලන්න අප්පේ මේවා වලව්ව පිටිපස්සේ හිටවල අරලිය ගස් වලව්ව වටේටම හිටවල..ඒ මදිවට වලව්ව
වලව්ව පිටිපස්සේ මහ කැලේ....කැලේ කියන්නේ කැලේ වුන වලව් වත්ත.මල් කඩ කඩ හිටපු මන් දැක්කේ හෙමිට හෙමිට වටපිට බල බල එන මන් අදුරන කෙනෙක්..
තමන් හිතන්නේ තම එයා මාව දැක්කේ නැ...“සඳලි.....”
කෙල්ල ගැස්සිලා ගියා... එදා හ්ම්බුනට පස්සේ ආයේ දක්කින්නේ අද..
“සි.. සිහි.. පොඩි මැණිකේ.....”
“ඔහොම කතා කරන්න එපා සඳලි.. මොකෝ අපි නොදන්න අයද...”
“අහ්හ්.. නැ.. මන්.. මේ...”
“මොකෝ මේපැත්තේ....”
“අහ්හ්.. මැණිකේ හම්බෙන්න අවා...”
“මොන..”
“ස්... ලොකු මැණිකේ නෙ.. ඔව් ලොකු මැණිකේ.. එහෙනම් මන් යන්නම් පරක්කු වෙනවා....”

YOU ARE READING
අවසන් සඳ....(completed)
Romance"හාමු හිතං ඉන්නේ ගමේම ගෑනු ඔයාට කියලද ඈ....." "අනේ නෑ... ගමේම ගෑනු නෙවෙයී.... ගමේම ගෑනු පස්සෙන් එන මේ ඉස්කෝලේ මහත්තයා නම් මට කියලා.......ම්ම්ම්ම්ම්ම්....." "හ්... හ්... හාමු........." "ම්ම්ම්ම්ම්ම්....මක්කද කියන්නේ.... මට බහ දෙනවද...... නොදුන්නත් කා...