“හෙමිට බොන්න සිහින කට පුච්ච ගන්නේ නැතුව...”
දෙයියනේ හාමු මන් බබෙක් නෙවෙඉ.....
“ඔව් ඔව් චූටි මැණික සුට්ට සුට්ට බොන්න කට පුච්ච ගන්නේ නැතුව...”
“පල.. බල්ලා...”
“සිහින....”
“ඕඕ හාමු මේ බොනවා.....”
ඇත්තමයි කසාදේට හිරයක් කියලා මිනිස්සු නිකන් නෙවෙඉ කියන්නේ කියලා දැන් තමයි තේරෙන්නේ ....
“මැණික තාම හිතක් නැද්ද අනුරාධ හාමු එක්ක කතා කරන්න.. ඊයේ ඉදන් අර ඉස්තෝප්පුවේ නෙ....”
“ඔව් මැණික, උන දේ උනා නෙ.. කතා කරපන් මයේ අම්මා.....”
යසයි හාමු.. අවා ගයන්ත ඉස්සරහ මැණික් ගරන්න.. ගයන්ත මැණිකේ මැණිකේ කියද්දී හාමු මූන දෙල් කරන් බලන් ඉන්නවා. මේවගේ මිනිහෙකුයි යාළුවොයි ඉද්දි ප්‍රශ්න විසදගන්නෙ කොහොමද මන් අහන්නේ. එහෙන් කිරි අම්මා බැනල බැනල ගස්සගෙන ගියා.. මේ මිනිහා නැගිට්ට වෙලාවේ ඉදන් එක එක ඒවා කවනවා පොවනවා. ඇත්තමයි මන් අහන්නේ මෙහෙම ප්‍රශ්න විසදගන්න පුළුවන් ද.. ප්‍රශ්නෙයි උත්තරෙයි දෙපැත්තේ..
ඇත්තටම මන් ඊයේ අඩ අඩ දුවගෙන එද්දී මයී අනුරාධ හාමුට සමාව දුන්නේ ඒ වෙන හේතුවකට නෙවෙඉ ඒක මගේ අම්ම මගෙන් ගත්ත පොරොන්දුවක් හින්දා.
'කවදාවත් තාත්තට වෛර කරන්න එපා. එයා ගැන අංශුමාත්රේක තරහක් තියාගන්නත් එපා..'
මොනා නැතත් මගේ අම්මා හාමුට පන ඇරලා ආදරෙ කරා. නැත්තං තනියම නොදන්න පළාතක හිටපු අම්මට වෙන කසාදයක් කියන ඒක අරුමයක් නෙවෙඉනෙ. ඇරත් තාත්තා කව්ද නොකිව්වට හැමනිතරම එයාගේ හොද කියපු අම්මා තාත්තා ගැන එක දශමයක කේන්තියක් තිබ්බ කෙනෙක් නෙවෙඉ. මට වත් තාත්තා ගැන කේන්තියක් ගන්න දුන්න කෙනෙක් නෙවෙඉ. ඒ තරම් ආදරෙන් එච්චර දුක් විදගෙන පරිස්සම් කරපු එයාගේ ආදරෙ මගේ කේන්තිය හින්දා විනාස කරලා දාන්න තරම් මන් ආත්මාර්ථකාමී නැ..
“මැණික අද වලව්වට යන්නේ නැ නෙ...”
“ම්හ්ක් අදත් ඉන්නවා..”
“සිහින...”
ගයන්ත වලව්වට යන්නේ නැද්ද අහද්දී නැ කිව්ව විතරයි හාමු මැරෙන්න හදනවා...

YOU ARE READING
අවසන් සඳ....(completed)
Romance"හාමු හිතං ඉන්නේ ගමේම ගෑනු ඔයාට කියලද ඈ....." "අනේ නෑ... ගමේම ගෑනු නෙවෙයී.... ගමේම ගෑනු පස්සෙන් එන මේ ඉස්කෝලේ මහත්තයා නම් මට කියලා.......ම්ම්ම්ම්ම්ම්....." "හ්... හ්... හාමු........." "ම්ම්ම්ම්ම්ම්....මක්කද කියන්නේ.... මට බහ දෙනවද...... නොදුන්නත් කා...