දවස් කීපයක්ම වලව්වේ ගෙවිලා ගියේ අව්රුදු ගානක් මෙහෙ හිටියා වගේ මට වලව්ව හුරු පුරුදු වෙද්දී..
වලව්වේ හැමෝම මාත් එක්ක හොදට හිටියත් නිවන්ති මැණිකෙයි සුදු මැණිකෙයි විතරක් නිතරම ඔරොප්පුවට හිටියේ දකින හැම නිතරම මට රවන්නයි හාමු නැති තැන ආඩපාලි කියන්නයි තියාගන්න ගමන්..නිසල් හාමු නම් ලොකුවට කතාවට ආවේ නැතත් දකින තැන හිනා වෙලා කතා කරා.මේ දවස් කිපෙටම ගයන්තයි සිරිමලුයි එක පාරක් දෙපාරක් විතරක් මුණගැහුනේ.. හාමු මට තනියම වලව්වෙන් එලි බහින්න නොදුන්න හින්දා, වගේම ගයන්ත සිරිමලුත් එක්ක දවස් දෙකක් විතර ටව්මේ ගෙදර ගිහින් ආපු හින්දා.ලොකු මැණිකේ කව්රුත් නැති තැන මාත් එක්ක හරි හරියට කතාවට වැටෙද්දී හැමෝම ඉන්න තැන පුරුදු සීතලම චරිතේ ආරුඩ කරගත්තේ ඇත්තටම මට මැණිකේ ගැන පුදුමත් හිතෙද්දි..
ඒ අතරේම හැම රෑම හාමුගේ උණුහුම අස්සේ ගුලි වෙලා ඇද රෙදි පොඩි කරගෙන හැගීම් පිට දාන එක, අලුත් දෙයක් නොවෙද්දී හාමු කිව්වා වගේම හාමුගේ ආදරෙ දවසින් දවස දළු දාල වැඩෙන මහා විශාල ගහක් වෙද්දී හාමුගේ ඉරිසියාවත් ඒ ගහේ හැදෙන කොළ වගේ උන.ඒ ඉරිසියාව කොච්චර ද කියනව නම් මට ෂෝර්ට් අදින්නත් තහනම් කරා.. දීග කලිසම නැත්තං සරම..
හාමු ඉදලා හිටලා මාමණ්ඩි එක්ක එයාලගේ factory එකට ගියා. අදත් උදෙන්ම ගියේ ඔය..“පුතේ සිහින මගෙ කාමරේ මෙසේ උඩ මගෙ කන්නාඩි දෙක ඇති ඇරන් එනවද...”
“හා....”
අනුරාධ හාමුයි මමයි හිටියේ සාලෙට වෙලා පත්තර කියව කියව.. හාමු කන්නාඩි දෙක ඉල්ලපු හින්ද මන් දිව්වේ හමුලාගේ කාමරේට....
“ම්ම්ම් කෝ බලමු....”
නිවන්ති මැණිකේ ලස්සනට කාමරේ සුද්ද කරලා..
මෙසේ උඩ තිබ්බ කන්නාඩි දෙකත් අරන් මන් එන්න හැරුණත් මගේ ඇහැ ගියේ මෙසේ කෙලවරෙ පොතකට යට වෙලා බාගයක් එලියට පැනපු chain කැල්ලකට...ආපු කුතුහලය හින්දම මන් එක එලියට අරන් බැලුව.. ලස්සනයි එත් දැකලා පුරුදුයී මේ වගේම තවත් එකක්..
නැ වෙන්න බැ.. එක එක.. මන් මන් දාගෙන ඉන්න මාලේ.. එකත් මේ වගේ... මගේ අත ගියේ බෙල්ලට මගේ අම්මගෙන් අන්තිමට මට ලබුන තෑග්ගට. මගේ මාලෙත් ගලවලා ගත්ත මන් දෙකම එකට තියලා බැලුවා.. ඔව්.. ඉරයි හදයි.. මගේ අම්මගේ මාලේ පිටිපස්සේ A අකුර ගහල තියෙද්දී, දැන් මෙසේ උඩ තිබ්බ හාමුගේ මාලේ ගහලා තිබ්බේ M අකුර.. මගේ අම්මගෙ නම.. මගේ අම්මා මලී... ඒ කියන්නේ..

YOU ARE READING
අවසන් සඳ....(completed)
Romance"හාමු හිතං ඉන්නේ ගමේම ගෑනු ඔයාට කියලද ඈ....." "අනේ නෑ... ගමේම ගෑනු නෙවෙයී.... ගමේම ගෑනු පස්සෙන් එන මේ ඉස්කෝලේ මහත්තයා නම් මට කියලා.......ම්ම්ම්ම්ම්ම්....." "හ්... හ්... හාමු........." "ම්ම්ම්ම්ම්ම්....මක්කද කියන්නේ.... මට බහ දෙනවද...... නොදුන්නත් කා...