දහනව වන දිගහැරුම...

8.2K 609 17
                                        

“මැණික....”

“ම්හ්ක්...”

“කෝ මේ කිරි ඒක බිලා ඉන්න... සිහින නැගිටින්න...”

“අනේ පොඩ්ඩක් නිදාගන්න දෙන්න වදේ...”

“හා මේක බිලා නිදාගන්න.. කෝ.. සිහින.. මේ.. දැන් අටයි වෙලාව....”

“ඈ.. අටයි.. මන් ඉස්කෝලේ යන්නේ නැද්ද...“

දඩි බිඩි ගලා නැගිටපු මන් ඇදුමත් හදාගෙන ඇදෙන් බිමට බැස්සත්. කව්ද මට ඇදුම් ඇන්දුවේ.. මේක මන් ඊයේ රැ ඇදපු එකත් නෙවෙඉ.. හාමුද කියලා දැනගන්න මන් හාමු දිහා බැලුවා. අම්මේ ඔය ඉන්නේ මල් හිනාව දාගෙන..

”මැණික හිතනවද මන් හැර මගේ මැණිකගෙ ඇගේ එක අගලක් වෙන කාටවත් දකින්න මන් දෙයි කියලා... ම්ම්ම්...“

මට හිනා ගියා හාමු කියපු විදිහට මගේ හිත පිනුම් ගැහුවා. ඇත්තටම කව්ද දෙයියනේ අකමැති මේ වගේ ආත්මාර්ථකාමී පිරිමියෙක්ට..මන් හාමු ලගට ගිහින් හාමුව කිටි කිටියේ බදාගත්තත්
ඇගම තලලා වගේ.. දෙයියනේ.. මට යකෙක් ගහලා වගේ මගේ ඇග වේදනයි.. පන නැ...

”හැබැයි මට ඉස්කෝලේ යන්න ඕනේ නෙ....“

”ඔහොම අමාරුවෙන් ඉස්කෝලේ යන්නේ කොහොමද මැණික... ගෙදර ඉන්න....“

”එහෙම කොහොමද හාමු.. ළමයිට උගන්වන්නේ නැද්ද...“

”මන් කිව්වා ප්‍රින්සිපල් sir ට වෙන ගුරුවරයෙක් ගේන්න කියලා... මයේ මැණික ආපහු ඉස්කෝලේ යන්න ඕනේ නැ....“

”එහෙම....“

”එක පාරක් කිව්වම අහන්ඩ සිහින... කෝ මේක බිලා ඉන්න....”

ආපහු කතා කරන්න බැරි වෙන්න මගේ කට වහපු හාමු දුන්න කිරි එකත් එක හුස්මට බිලා දැම්මේ කියලා වැඩක් නැති හින්ද...

“දැන් මොකද මැණික රවන්න තියාගත්තේ...”

“නැ නිකන්...”

“කෝ මෙහෙට වරෙන් අප්පා... මන් ඔයාගේ හොදටනේ කියන්නේ... මහන්සි වෙන්න එපා සිහින... මෙහෙට වෙලා ඉන්න පාඩුවේ....”

“අනේ එහෙම නිකන් ඉන්නේ කොහොමද....”

“එහෙම තමා මැණිකෙලා.. හරි ආඩම්බරේට ඉන්න එපැයි... මගෙ අම්මා පේනවා නේද... අන්න එහෙමයි මැණිකෙලා ඉන්ඩ ඕනේ.. තේරුනාද...”

අවසන් සඳ....(completed)Where stories live. Discover now