දාහත්වන දිගහැරුම...

9.3K 692 36
                                        

“ඔය ඔය උඩ තියෙනවා..”

“කෝ මේකද...”

“නැ නැ එහා එක.. අන්න එක ඉදිලා...”

මන් හිටියේ වලව්වේ වත්ත බලා ගන්න ඉන්න කසුන් එක්ක සීනි පේර ගහ යට

“සිහින........ සිහින........ කොහෙද ඔයා........”
සිහින........”

“පොඩි මැණිකේ...හාමු කතා කරනවා නේ......”

“ඔය ටිකක් කෑ ගහපුදෙන් අනේ... ඔයා ඕක කඩන්න.... වැටෙයි ඈ බලාගෙන.... මට පුළුවන් නම් මන් නගිනවා අනේ... ඔයාට වද දෙන්නෙ නැ... වැඩේ කියන්නේ මට බැහැගන්න බැ නේ.....”

“සිහින........”

“අනේ අපිට වදයක් නැ පොඩි මැණිකේ... යන්ඩකෝ... අර හාමු බෙරිහන් දෙනවා....මන් මේ ටික කඩන් එන්නම් කෝ...”

ඇත්ත අර මිනිහා වලව්ව ගලවන්න හදන්නේ...දැන්...

කසුන් කියද්දී මන් දුවගෙන ආවේ වලව්වට....

“මයේ මැණිකේ කොහෙද අප්පේ ගියේ....”

පහල තට්ටුවටම ඇවිල්ලා හිටපු පොඩි හාමු එහෙම කියද්දී මගේ තිබ්බ පොඩි කේන්තියත් නැතිව ගියා....

“සීනි පේර කඩන්න....”

“තනියම....”

“ම්හ්ක්.....”

“කෝ එන්න මෙහාට.....”

හාමු මාව ලගට ගන්නකොට වගේ මහ මැණිකෙත් ආව කිරි එකක් උස්සන්.....
රව රව හිටියට මොකද තාම වචනයක්වත් මාත් එක්ක කතා කරේ නැ...


“ආ පුතා මේක බිලා ඉන්න...”

පොඩි හාමුට කිරි එක දුන්න මැණිකේ අපිට ඉස්සරහයින් ම තියෙන සෙටියේ ඉදගත්තේ මටත් රවාගෙන ම. කකුලක් පිට කකුලක් දාගන්න ගමන්..

හාමුත් ගිහිල්ලා මැණිකේට ඉස්සරහයින් ඉදගත්තේ ලොකු කතාවකට වගේ.. අනේ මට නම් වැඩක් නැ...ඒ අස්සේ මන් සාක්කුවේ දාගෙන හිටපු සීනි පේරයක් කන්න ගත්තේ ලොකු හාමුයි,මාමණ්ඩියී,හාමුගේ මාමා අනුරාධ හාමු වගේම එදා අපේ ගෙදර ඇවිල්ලා හිටපු අනුරාද හාමුගේ මැණිකේ ත් ඇවිල්ලා සාලේ පුටු වලින් ඉද ගද්දී..

“කෝ මාමේ සුදු...”

කකා හිටපු එකත් නවත්තල මන් බැලුවේ හාමුට ඉන්න මට වඩා සුදු එකා කව්ද කියලා...

අවසන් සඳ....(completed)Where stories live. Discover now