දහසයවන දිගහැරුම...

8K 626 35
                                        

ඔක්කොම වැඩ ඉවර උනාට පස්සේ හාමුලා ඔක්කොම කතාවල පැටලෙද්දී මන් හෙමිට ලිස්සලා ගියේ ගයන්ත ලගට...

සිරිමල් ඉන්නවා ඔලුවේ අතත් තියන්...

“අම්මෙහ් මාර අමාරුයි බන්... ඒඑ සිරිමල් මොකෝ මේ.....”

“මහන්සි සිහින..... නිදිමතයි....”

ලොකු ඇනුමකුත් අරින ගමන් සිරිමල් කියද්දී

ගයන්තට හිනා.......

“උබට අමාරු නැද්ද ගයා... මට උන වගේ....”

ඇත්තටම මගේ ඇගට අමාරු හින්දා මන් එහෙම කියද්දී ගයන්ත මගේ නළලටයි බෙල්ලටයි අත තියලා බැලුවා....

“ඒඑ රස්නෙයි යකෝ.... උදෙන්ම නාපු හින්දද දන්නේ නැ....මන් හාමිනේට කියන්නද....”

“අපෝ එපා කිරි අම්මගෙන් බැනුම් අහන්න වෙයි....”

“යකෝ උබ... හිටපන්.... මන් කිරි අම්මව එක්කන් එන්නම්....”

ගයන්ත කිරි අම්මව එක්කන් එන්න යද්දී මන් සිරිමල් ලගින්ම ටිකක් වාඩි උනේ මගේ ඔලුව කැක්කුම අල්ලද්දී.. මන් ඉන්නේ අමාරුවෙන් කියලා තේරිලාද කොහෙද සිරිමල් හෙමිහිට මගේ ඔලුව අතගාන්න ගත්තා....



“දෙයියනේ සුදු මහත්තයෝ... මොකෝ මේ... ම්ම්....”

කොහේදෝ ඉදන් ගයන්ත එක්ක දුවගෙන ආපු කිරි අම්මා මගේ නළලට බෙල්ලට අත තිය තියා උන බලද්දී මන් ඔහේ හිටියේ උදේ ඉදන් ලාවට තිබ්බ ඔලුවේ කැක්කුම දැන් දෙගුණ තෙගුණ වෙලා තියෙද්දී....

“කෝ හිටහන්... මන් පැනඩෝල් දෙකක් ඇරන් එන්න....”

“එපා.... ඕක බොන්න බැ....”

“තලනවා කට.... ඔහොම හිටපන්....”

කිරි අම්මා ආපහු ඇතුලට දුවද්දී ගයන්ත මූන නාලු කරගත්තේ උ දන්නවා බෙහෙත් කියන දේ මට කොයි තරම් වහ කදුරුද කියලා...

“ආ... බොන්න.... කෝ.... සුදු මහත්තයෝ....”

“එපා... එපා... මට හොදයි.....”

“හොදයි.... මේ.... මගේ යකා අව්ස්සන්නේ නැතුව බොන්න සුදු මහත්තයෝ....”

“එපානේ... එපා අයියෝ.... මන් අඩනවා... යෝ... ගයන්ත... කියපන්කො... මට අමාරුවක් නැ කියලා....”

අවසන් සඳ....(completed)Where stories live. Discover now