පහළොස්වන දිගහැරුම...

7.9K 608 108
                                        

“සිහින..... සිහිනයෝ.... වරෙන් බන්....”

“මොකද යකෝ කැ ගහන්නේ....”

“තාත්තේ.... කෝ.. එන්න... වෙද සීයේ... එන්න අප්පා.... අද අපිට අව්රුදු......”

“මොනාද බන් කියන්නේ.... ලග පාතක වත් නැති අව්රුද්දක්‌ ගැන කියන්නේ.....”

“මේ... මෙන්න මන් ගානේ.... කොල්ලෝ පහයි.. අති විශේෂ තුනයි.... අදනම් කොල්ලෝ ගහන්න ඕනේ කරටි කැඩෙන්න....”

වෙලාව නවයටත් කිට්ටුයි... හවස ගෙදරින් ගියපු ගයන්ත ආවේ දැන්...

“කෝ සිරිමල්....”

ගයන්ත එකක්ම ගියත් ආපහු සිරිමල් ඇවිල්ලා හිටිය නැති හින්දා මන් අහද්දී...

“අහ්හ් උ එනවා කටගැස්ම ඇරන් ...”

“යකෝ බෝතල් තුනක් ගෙනාවේ බොන්නද....”

“ඔව්... පස් දෙනෙක් ඉන්නවා නේ .. උබයි... මමයි.. සිරියි... තාත්තායී... සීයයි.....”

“අහ්හ් මෙන්න මමත් අවා... කෝ කට්ටිය එලියට අවා නම්....”

සිරිමලුත් ආවේ මොනාද මොනාද කෑම ගොඩකුත් උස්සන්...

“දැන් උබලා බොන්න ද හදන්නේ....”

“නැතුව නැතුව... හෙට අපේ එකා කසාද බදිනවනේ... කෝ ඉදගන්න ඔක්කොම ”

එලියට දාගත්ත ප්ලාස්ටික් මෙසේ ඔක්කොම ගෙනාපු ඒවා අහුරද්දී ගයන්ත ගේ ඇතුලේ හිටපු සීයව ඇදගෙන ඇවිල්ලා ඉද ගැස්සුවා..

“දෙයියනේ සුදු මහත්තය., පිස්සුද..උබලට..... හෙට පෝරුවේ නගින්නේ මේ ජරාව බිලද....”

“ටිකයි කිරි අම්මේ... මටත් දුකයි නේ...”

“ඔයා බය වෙන්න එපා කිරි අම්මේ අපි සිහිනට පොවන්නේ නැ....”

“උබලා ඕනේ මගුලක් කරගනින්... කියන දෙයක් අහන උන් යෑ....තොපි මරලා වත් හදන්න බැ...”

තාත්තව එක්කන් එන්න ඇතුලට ගියපු ගයන්ත ආපහු ඇවිල්ලා වීදුරුවකට ටිකක් දාගත්තේ

“තාත්තට බොන්න බැලු බන් මන් මේක දීලා එන්නම්...”

වීදුරුවකට ටිකක් දාගෙන ගයන්ත ඇතුලට යද්දී සිරිමල් ඊළග වීදුරුව සීයට දුන්නා...











අවසන් සඳ....(completed)Where stories live. Discover now