කන්දේ විහාරෙට ගිහින් ඇවිල්ලා දැනට දවස් පහක් විතර ගෙවිලා ගිහින් තිබ්බා වගේම පොඩි හාමු මුල් දවස් ටිකේ හවසට හවසට ඇවිල්ලා ටිකක් වෙලා කියව ඉදලා ගියත් දැන් දවස් දෙකකින් විතර මේ පැත්ත පළාතේ ආවේ නැ...
“පුහ් ඔක්කොගෙම ප්‍රෝඩාව....”
“ඈ උබ මොනවා හරි කිව්වද....”
අද සෙනසුරාදා ඉස්කෝලේ නිවාඩු හින්දා මමයි ගයන්තයි මේ වෙලේ බැහැගෙන තිත්ත පැටව් අල්ලනවා ....
“නැ....”
“අනේ නිකන් හිටපන්... හාමු නාව හින්දා උබ ඉන්නේ හිතේ දුකෙන්....”
“පිස්සුද..... එහෙම එකක් නැ....”
“අනේ උබ බොරු කියන්නේ මට...... ඒ ඒ...අර බලපං..අර සමන්ත නේ......”
“කෝ කොහෙද... අඩේ... කෙල්ලෙකුත් ඉන්නවා..වරෙන්කො යන්න.........”
“සිරිමා..... ල්ල්ල්ල්ල්ල්....... සිරිමා...... ල්ල්ල්ල්ල්ල්ල්...... මෙන්න සමන්ත කෙල්ලක් අනාත කරලා.........”
උඩ වෙලේ ඉදන් සමන්තවත් වඩාගෙන මන් කැ ගහගෙන එද්දී.......
“සිරි....... අපි සීයලා...... වෙන්නයි යන්නේ.........”
ගයන්ත සමන්තගේ කෙල්ලත් වඩාගෙන කැ ගහගෙන මගේ පස්සෙන් ආවත්....
අපි දෙන්නම එක පාරටම බ්‍රේක් ගැහුවේ මිදුලේ හිටපු කට්ටිය දැකලා.....
අපේම වයසේ වගේ කොල්ලෝ දෙතුන් දෙනෙක්... ටිකක් මැදි වයසේ අය දෙන්නෙක් විතර ... ඒවගේම අපේ කිරි අම්මගෙ වයස විතර ගෑනු කෙනෙකුත් හිටියා...
අපේ කෑ ගැහිල්ලටද කොහෙද කට්ටිය බය වෙලා බලන් ඉද්දි තේ බන්දේසියකුත් අතේ තියන් කිරි අම්මා එතකොටම වගේ එලියට අවා..
“සුදු මහත්තයෝ... අදත් ගියාද තිත්ත පැටව් අල්ලන්න....”
තේ බන්දේසියත් අතේ තියන් කිරි අම්මා කෑගහනවා... යකා නැගල වගේ... ගයන්තත් සද්ද නැ...
“මොකාද දැන් මොකීවද අනාත කරේ.... කියපල්ලා බලන්ට කව්ද සීයල වෙන්නේ කියලා....”
මමයි ගයන්තයි ඔලුව නවාගෙන හිටියේ මේ සැරේ කිරි අම්මට ඇත්තටම කේන්ති ගිහිල්ලා නිසා....

YOU ARE READING
අවසන් සඳ....(completed)
Romance"හාමු හිතං ඉන්නේ ගමේම ගෑනු ඔයාට කියලද ඈ....." "අනේ නෑ... ගමේම ගෑනු නෙවෙයී.... ගමේම ගෑනු පස්සෙන් එන මේ ඉස්කෝලේ මහත්තයා නම් මට කියලා.......ම්ම්ම්ම්ම්ම්....." "හ්... හ්... හාමු........." "ම්ම්ම්ම්ම්ම්....මක්කද කියන්නේ.... මට බහ දෙනවද...... නොදුන්නත් කා...