දහතුන්වන දිග හැරුම...

7.8K 663 71
                                        

කන්දේ පන්සල කියන්නේ නිකන් නෙවෙඉ..... ඔරුවෙන් ආවට මොකද පැයක් විතර මේ ගල් කන්ද නගින්න එපැයි..

හති දාගෙන මන් නගිද්දී.. මගේ ඉන වටෙන් දැනුනේ අද උදේ ඉදන් දැනුන හුරුපුරුදු ස්පර්ශය...

“මයේ මැණිකට මහන්සියිද.... මන් වඩාගන්නද....”

මමත් පිරිමියෙක් හාමු.....

“ම්ම්ම්ම් මක්කද හිතන්නේ... මයේ මැණිකේ පිරිමියෙක් උනාට කාරී නැ.. උබ මට මගේ මැණිකේ නේ... කකුල් රිදෙනවාද සිහින... මන් වඩාගන්නද....”

“නැහ්හ්... තව ටිකයි නේ හාමු... මට යන්න පුළුවන්....”

“උබ හිතුවක්කාරයී මැණික... කකුල් අමාරුව හදාගනින්කෝ...”

ආයෙත් රවනව... මේක යකෝ... හරි නම් මමයි හාමූව කරේ තියාගන්න ඕනේ...

හාමුත් එක්ක කතා කර කර හිටියත් ඒක පාරටම මතක් උන දෙයක් හින්දා මන් බැලුවේ සිරිමල් කෝ කියලා...

අප්පද බොල.. කිරි අම්මට බල්ලෝ බුරපි කිව්වලු.. සිරිමල් ගයන්තගේ කරේ.... හ්ම්ම්ම්ම හ්ම්ම්ම්ම්... ඔහොම යමුකෝ... හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එළිපිට කියනවා නේ...

“මොකෝ සිහින....”

“අහ්හ් නැ නැ...”

නැත්තේ නැ කියන්න වගේ හාමු ඇස් හීනි කරන් බලන් ඉද්දි මන් හාමුට හිනාවක් දීලා උඩට දුවන් ඇවිල්ලා අල්ල ගත්තේ පොඩි හාමුගේ මාමගේ අතෙන්... එයාට තමයි අමාරු මේක නගින්න...

මන් එකවරම අතේන් අල්ල ගත්තම ගැස්සිලා ගිහින් මන් දිහා ටිකක් වෙලා බලන් හිටපු මාමා ආපහු මට හිනා උනා... ඒ හිනාව හරි ලස්සනයි...

“මට තනියම පුළුවන්.....”

“පුළුවන් උනාට පිළිගන්න ඔයා දැන් නාකි....”

මන් කියපු දේට මගේ කම්මුලකුත් මිරිකලා හිනා උන හාමු මගෙත් උදව්ව ඇතුව ගල නගින්න පටන් ගත්තේ පොඩි හාමු මූන කුණ්ඩ හට්ටිය කරන් පස්සෙන් එද්දී...


ගල උඩ හදලා තිබ්බ මහා විශාල පන්සල හරිම ලස්සනයි... අපි යනකොට පන්සලේ ඇබිත්ත කොල්ලා කියන්න පුළුවන් පොඩි කොල්ලෙක් අපි ලගට ඇවිල්ලා හාමු එක්ක මොනාද කුටු කුටුගලා කියලා ආවාස ගෙට ගියේ ලොකු හාමු අපි එක්කන් බෝධිය වදින්න යද්දී...

අවසන් සඳ....(completed)Where stories live. Discover now