දොළොස්වන දිග හැරුම...

8.3K 618 61
                                        



“කෝ සිහින එන්න ඉක්මනට....”

හිටපු තැනම හිටගෙන හිටපු මන් දුවලා ගියේ හාමු කතා කරපු හින්ද....








උබට ආපදාවක් නැ නේ බන්....”

ගෙට ආපු ගමන් ගයන්ත මාව හතර වටේ කරක කරක බැලුවේ හානියක් වෙලාද කියලා..

මගේ උඩ ඉදන් යටට යනකන් ගයන්ත බලද්දී මන් දැක්ක කිරි අම්මා හදලා දුන්න එළකිරි එකත් බොන ගමන් හාමු 'පුළුවන් නම් මන් උබේ බෙල්ල මිරිකනව '
වගේ බැල්මකින් ගයන්ත දිහා බලන් ඉන්න හැටි...

“සිහින ලෑස්ති උනා නම් කන්දේ විහාරෙට ගිහින් එන්න...”

“දැන්...”

“ඔව් ඇයි සිහිනට මොකක් හරි වැඩක් තියේද....”

මගේ කටේ කෙල හිදුනේ හවස සඳලි එක්ක පන්සල් යනවා කියලා පොරොන්දු උනා කියලා හාමුට කියන්නේ කොහොමද කියලා හිතෙද්දි......

“හ්හ් මේ හාමු මස්සිනේ... ඔයා ඔය යන්න හදන ගමනක් පස්සට දාගත්තා නම් හරි.... මොකද අද සිහින අද හවස සදලි එක්ක පන්සල් යනවා කියලා පොරොන්දු උනා....”

කැඩිච්ච වක්කඩේ වගේ ගයන්ත කියන් යද්දී මන් බලන් හිටියේ සැරින් සැරේ වෙනස් උන හාමු මහත්තයාගේ මූන දිහා....

“අප්පද බොල ඈ සුදු මහත්තයෝ උබ එක එකීලා එක්ක පන්සල් ගානේ යන්න පොරොන්දු උනේ කාගෙන් අහලද....”

“උඋහ්හ් අනේ කිරි.... මගේ කන.. ආහ්හ්... අත අරින්නකෝ... මන් යන්නෑ........ අනේ.... අහ්හ් ම්හුක්.....”

කිරි අම්මා මගේ කන මිරිකද්දී නැගිටපු හාමු කිරි අම්මට එපා කියන්න ඔලුව වනලා මාව ලගට ඇරන් රතු වෙච්ච කන අත ගෑවේ ගයන්තගේ කට දනිහේ තියෙද්දී..

“පොඩි හාමු... මේකව නරක් කරනවා නේ... මන් කන මිරිකුවේ කරපු නොසන්ඩාල වැඩේට... අම්මපා සුදු මහත්තයා මට නම් උබව හදන්න බැ...”

කිරි අම්මා ඉනටත් අත තියන් කියද්දී හිනා උන හාමු හෙමිහිට මගේ කන අත ගෑවා...

“දැන් කමක් නැ සිහින යන්නේ නැ කිව්වා නේ....”

“ඈ.. කොයි වෙලේද මන් යන්නේ නැ කිව්වේ... සදලි නංගි බලන් ඉදි.. මන්....... නැ... මන්... යන්නේ නැ... සදලි නංගි පව්ත් නැ..... හේ...”

අවසන් සඳ....(completed)Where stories live. Discover now