ඔය පැත්තෙන් ගියොත් උබ ඉවරයි සිහිනයෝ.. දුවපිය අනිත් පැත්තට..”
මම මටම කියාගන්න ගමන් ඉස්සරහට තියන්න ගිහින් නවත්තල තිබ්බ කකුල ආපහු පස්සට තියලා අවා වගේ දහගුණයක් වේගෙන් ගෙදර දිව්වේ හාමු නම් දකින්න එපා කියලා හිත හිත..
“සීවරන් දෙයි හාමුදුරුවනේ... මොකද සුදු මහත්තයා මේ...”
හති දාගෙන දුවන් එනවා දැකලා කැ ගහපු කිරි අම්මා වත්,ඒ වෙනකොට ඉස්තොප්පුව්ව් ඉදගෙන හිටපු ගයන්තත් දැක්කා උනත් කතා කර කර ඉන්න වෙලාවක් නැති හන්ද, බඩු ටික කාමරේට විසි කරලා පිටිපස්සේ දොරෙන් එලියට දිව්වේ ගෙයි පිටිපස්සේ තියෙන ලොකු ගලෙන් එහාට පැන්නම හම්බෙන වෙල් යායේ තියෙන පැලේ හැංගෙන්න පුළුවන් හින්දා.
කොහොමත් පැල ඇතුලේ ඉන්න කෙනෙක් පිටින් බැලුවට,විශේෂයෙන් බැලුවේ නැත්තං නොපෙනෙන හින්දා, දුවගෙන ගිහින් ඇතුලට රිංගපු මන් ඇතුළු උන දොරට වැඩි හොදට කියලා පොල් අත්තකුත් දාලා බිම තිබ්බ උන පොල්ලකුත් හේත්තු කරලා ඇතුලේ නිදාගන්න දාලා තිබ්බ පිදුරු ගොඩ උඩට වැටුනේ හති කෙසේ වෙතත් හිතට ලොකු සැනසීමක් දැනෙද්දී..8.00
ඔරලෝසුවෙන් වෙලාව බලපු මන් සතුටු උනේ හමුවාට මාව හොයනවා බොරු නිසා.. Sure ඒකට එන්න ඇත්තේ එක්කෝ අර්ශස් තද වෙලා නැත්තං අර ඊයේ එක්ක යනවයි කියාපු පන්සලට යන්න...දඩස්...
මගේ සතුට තව විනාඩි දහයක් තිබ්බේ නැ දොරට හේත්තු කරලා තිබ්බ උන පොල්ල සද්දෙට පෙරලිලා ගියේ තනි කළු ඇදගත්ත හාමුගේ සුවදින් මුළු පැලම නැවිලා යද්දී....
එකසිය ගානට මගේ හදවත ගැහෙද්දි කලබලයක් ගැවිලවත් නැති හාමු ඇවිල්ලා මන් ලගින්ම ඉද ගත්තේ මට දුවන්න ඕනේ උනත් කකුල් පන නැතිව වෙව්ලන්න ගද්දි.......
“සිහිනට පුදුම වේගෙන් දුවන්න පුළුවන් නේ....”
ඒ කියන්නේ මන් දුවන් එනවා දැකලද....
“හ්ම්ම්ම් ඔහොම බලන්න එපා සිහින ටිකක් වයස උනාට තාම මගේ ඇස් කන් හොදට වැඩ..”
“හ්හ්.. හාමු...”
“හ්ම්ම්ම්ම්.... ඇයි දිව්වේ සිහින....”

YOU ARE READING
අවසන් සඳ....(completed)
Romance"හාමු හිතං ඉන්නේ ගමේම ගෑනු ඔයාට කියලද ඈ....." "අනේ නෑ... ගමේම ගෑනු නෙවෙයී.... ගමේම ගෑනු පස්සෙන් එන මේ ඉස්කෝලේ මහත්තයා නම් මට කියලා.......ම්ම්ම්ම්ම්ම්....." "හ්... හ්... හාමු........." "ම්ම්ම්ම්ම්ම්....මක්කද කියන්නේ.... මට බහ දෙනවද...... නොදුන්නත් කා...