දහවන දිගහැරුම...

8.2K 662 17
                                        

“තව මාළු කැල්ලක් දාන්නද සුදු මහත්තයා...”

“එපා කිරි අම්මේ මට ඇති..”

“ඇති කියලා කොහොමද මේ කෑම එහෙම්මම කෝ පිගාන අල්ලපන්.. කෝ ගයන්ත කොල්ලෝ අල්ලපන් පිගාන.. කෝ සිරිමල් ආ...”

“පුතේ තව ඉදිආප්ප ටිකක් බෙදාගන්න.. මන් මේ කුරහන් ඉදි අප්ප හැදුවේ ඔය කැක්කුම් වලට ඇගට හොද නිසා...”

“එපා එපා හාමිනේ මේ හොදටෝම ඇති..”

“හොදටම ඇති කියන්නේ මේ ඔක්කොම කෑම එහෙම්මම නේ. කව්රුත් කන්නේ නැ.. දැන් මගේ කෑම කන්නත් බැරිද ඈ.. සිහින.. මොකද උබ නොකන්නේ.. උබ මරන්න නෙවෙඉ නේ ඇරන් යන්නේ. දීගෙක නේ යන්නේ.. ඉතින් කාපන් හොදට. නැත්තං පොඩි හාමු මැරෙන්ඩ හදයි මේකා ඇට ගැහිලා කියලා ආ......
කෝ අල්ලපන්...”

අපි තුන්දෙනා ගෙදර එනකොටත් කිරි අම්මා කුස්සිය පෙරල පෙරල උයනවා.. උයලා ඉවර උන වෙලාවේ ඉදන් කෑම කන්න කියලා වද දීලා වද දීලා අන්තිමට අපි ඔක්කොම කෑම කන්න ගියාට පස්සෙ එතනත් කෑ ගහනවා. ඒ අස්සේ හොරාට ඇදන් හිටපු චිත්තේ හැම නිතරම ගහන් ඉන්න ලේන්සු කෑල්ලේන් ඇස් පිහනවාත් මන් දැක්කත් මොකුත් නොකිව්වේ මෙතන අපි කතා කරොත් කිරි අම්මගේ හිත තවත් රිදෙන හින්දා..

කිරි අම්මා විතරක්‌ නෙවෙඉ සියා පවා, ගයන්තගේ තාත්තා පවා කරන්නේ මොනාද කියලා හිතාගන්න බැරිව කට වහගෙන හිටියට එයාල හැමෝගෙම ඇස් වල ලොකු දුකක් වගේම බයක් හැංගිලා තිබ්බා.

“හා හා ඔය ඇති..... හාමිනේ ඉදගන්ඩ දැන්... සුදු මහත්තයට ඇති තරමක් කයි.. අනික මොකද ඔය තරම් හොරාට හුල්ලන්නේ.. හාමිනේ හිතුවේ අපිට ඇස් පෙන්නේ නැ කියලද.. අනික බය වෙන්ට දෙයක් නැ නේ. පොඩි හාමුගේ මනාපේ මිසක් අපි කොරපුවා නොවෙයි නේ.. ඒක නිසා මෙතන අඩන්ඩ තියාගන්න එපා...”

සැර කටහඩකින් කියපු සීයා පිගනත් මෙසෙන්ම තියලා නැගිටලා ගියේ අපි හැමෝම බිම බලාගද්දී. කිරි අම්මත් අතේ තිබ්බ හැන්දත් මෙසේ උඩින් තියලා කුස්සියට යද්දී කෑම කාගන්න බැරුව අත ගගා හිටපු අපිත් කෑම මේසෙන් නැගිට්ටා.
















හැමෝම තම තමන්ගේ කාමර වලට යද්දී මන් ඉස්තෝප්පුවට ගියේ හිත නිදහස් කරගන්න..


අවසන් සඳ....(completed)Where stories live. Discover now