“සිහින නැග්ගා නම් වාහනේට....“
ඒපාර මොකද?..
මන් සිරිමල් දිහා බලද්දී ඉන්නවා මූන ඥාව් කරගෙන. ඒ අස්සේ මන් ලගට ආපු ගයන්තයා..”ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න වගේ...“
”කට වහපන්..“
”ක්හ්ම්.. මන් කියාපු දේ ඇහුනේ නැද්ද, සිහිනට...“
ඇහුනා යකෝ ඇහුනා, එත් අම්මා කියලා තියෙන්නේ අදුරන්නේ නැති අයගේ වාහන වලට නගින්න එපා කියලා.හිතුවට මොකද කියන්න කියලද...
”අහ්හ්.. කමක් නෑ...හාමු යන්න මේ පයින් යන දුර නෙ.. අපියන්නම්..“
ගොන් හිනාවකුත් දීලා එහෙම කියාගෙන මන් එන්න එද්දී.....
”මට සිහින එක්ක වැදගත් දෙයක් කතා කරන්න ඕනේ...“
කියාගෙනම හාමු වාහනෙන් බැස්සේ මන් ලග හිටපු ගයන්තයි සිරිමලුයි දිහා රවල බලලා...
හාමු උසයි.. මට වඩා ගොඩක් උස මහතයී..වාහනෙන් බැහැපු හාමුවා මන් ලගට එද්දී සිරිමලුයි ගයන්තයි ටිකක් එහාට වෙලා බලන් ඉන්නවා ..
නොදකින් මේ වගේ යාලුවෝ....”මේ ගොම්මනෙ ගෑනු එක්ක වැව් ඉව්රු වල සිහිනට තියෙන රාජකාරිය මොකද්ද කිව්වා නම්.....“
මෙච්චර කල් කතා කරපු විදිහ සම්පුර්ණයෙන්ම වෙනස් කරගෙන ඇග හිරි වැටිලා යන සැර කටහඩකින් හාමු ඇහුවේ, වෙනදට අදින දිග කලිසම වෙනුවට අද ඇදන් හිටපු කළු සරමේ කොනක් ඒක අතකින් අල්ල ගන්න ගමන්..
එකත් දැකලද.. මන් ගෑනු එක්ක මොනවා කරත් හාමුට මොකද...
”මොකද සිහින ගමෙන් කෙල්ලක් වත් සහේට ගන්න හිතන්ද ඉන්නේ...“
”හ්හ්.. හාමු...“
”ඉතින් නගරේට වඩා ගමේ කෙල්ලෝ හැඩද සිහින?..“
හාමුගේ වාග් ප්රහාරය හමුවෙ මගේ කට වැහිලා තියෙද්දී මන් බලාගෙන පැත්තක හිටපු සිරිමලා ගයන්තව හුරගෙන කනවා ...
මට නම් දැන් මුන් දෙන්නව සැකයි. කොයි වෙලෙත් ගැරඩි දෙන්න වගේ වෙළුන ගමන්මනේ ..”සිහිනට කව්ද කිව්වේ මන් මෙතන ඉද්දී වෙන කොහෙවත් බලන්න කියලා....“

YOU ARE READING
අවසන් සඳ....(completed)
Romance"හාමු හිතං ඉන්නේ ගමේම ගෑනු ඔයාට කියලද ඈ....." "අනේ නෑ... ගමේම ගෑනු නෙවෙයී.... ගමේම ගෑනු පස්සෙන් එන මේ ඉස්කෝලේ මහත්තයා නම් මට කියලා.......ම්ම්ම්ම්ම්ම්....." "හ්... හ්... හාමු........." "ම්ම්ම්ම්ම්ම්....මක්කද කියන්නේ.... මට බහ දෙනවද...... නොදුන්නත් කා...