මන් හිටියේ සීයාගේ ගබඩාවේ තිබිලා හොයා ගත්ත පරණ රේඩියෝ එකෙ ඇහෙන තාරකා ඇස් අස්සේ අතරමන් වෙලා ගේ ඉස්තෝප්පුව උඩ...
මේක ඉස්සර ඉදන් අම්මගෙයි මගෙයි පුරුද්දක්. හැමදාම අපි දෙන්නගේ සෙනසුරාදා ඉරිදා රැ වෙන් උනේ මේකට. රෑ අහස දිහා බලන් මෙහෙම වැඩසටහනක් අහනවා කියන එක හරිම අමුතු රසක්.ඒක දන්නේ එක පාරක් හරි එහෙම කරලා තියෙන අය විතරයි .රේඩියෝ එකෙන් ඇහෙන ගීත වල ගිලිලා හිටපු මන් ගැස්සිලා ගියේ සද්ද නැතිව මන් ලගින්ම ඇවිල්ලා ඉදගත්තා ගයන්ත හින්දා..
“ඒ සින්දු හරි ලස්සනයි නේද...”
“හ්ම්ම්ම්ම්...”
“ආපහු ඉස්කෝලේ යන්න හිතෙන්නේ නැද්ද උබට.. ”
“හිතුනා කියලා වැඩක් තියෙයිද බන්.. අපිට පුළුවන් ගෙවිලා ගියපු අතීතේ දිහා බලන් හිත හදාගන්න විතරයි..”
“උබට මතකද අපේ ඒ ලෙවෙල් පංතියේ හිටපු සුදු කෙල්ල. අර කම්මුල වල ගැහෙන්නේ...”
“හ්හ් මොකෝ නැත්තේ උබේ මෙව්වා එක නෙ...”
“පල පල... උබට කොක්කක් හිටියේ නැ කියලා මන් මොනව කරන්න ද..”
ඒකට මන් දුන්නේ ලා හිනාවක් විතරයි...
“ඇත්තටම උබට කසාදයක් කරගන්න හිතක් නැද්ද බන්.. හැමදාම ඔහොම තනියම ඉන්නද හිතං ඉන්නේ...”
“ම්ම්ම්ම්...”
“ඒ මොකද ඒ....”
“කසාදේ කියන්නේ දෙන්නෙක් එකතු වෙලා එකිනෙකා ගේ අවශ්‍යතා සපුරා ගැනීමක් විතරයි බන්...”
“ඉතින් උබට පුළුවන්ද තනියම ඉන්න හැමදාම....”
“තනිකම නිදහස් බන්..”
“හ්හ්....නිදහස කියන්නේ මිනිස්සු තනිකම කියන තුවාලෙට ගහන තාවකාලික පැලැස්තරයක් විතරයි බන්... උබ ඔහොම හිතං ඉන්නේ උබේ තාත්තා කරපු දේ හින්දා නම් මතක තියාගනින් හැම කළු වලාකුළකම රිදී රේකාවක් තියෙනවා කියලා.. ඔය හිතෙන් අහලා බලපං ඇත්තටම උබට මොනවද ඕනේ කියලා. හ්ම්ම්.. උබට නැති උනේ තාත්තා විතරයි එක අමතක කරපන්. උබට ලැබුන දේවල් ගැන හිතපන්.. හැම වෙලේම, ධනාත්මකව හිතපන්.. උබට මම ඉන්නවා නෙ බන්.. උබ ඔය වැටකඩුලු දාගෙන හිර කරගෙන ඉන්න හැගීම් වලට නිදහසේ පියබන්න දීපං බන්.. එකම එක පාරක් එහෙම කරලා බලපං එතකොට උබට තේරෙයි ජිවත් වෙනවා කියන්නේ මොකද්ද කියලා.. එතකොට උබට ඔහොම බොරුවට නැතුව ඇත්තටම හිනා වෙන්න පුළුවන්......”

YOU ARE READING
අවසන් සඳ....(completed)
Romance"හාමු හිතං ඉන්නේ ගමේම ගෑනු ඔයාට කියලද ඈ....." "අනේ නෑ... ගමේම ගෑනු නෙවෙයී.... ගමේම ගෑනු පස්සෙන් එන මේ ඉස්කෝලේ මහත්තයා නම් මට කියලා.......ම්ම්ම්ම්ම්ම්....." "හ්... හ්... හාමු........." "ම්ම්ම්ම්ම්ම්....මක්කද කියන්නේ.... මට බහ දෙනවද...... නොදුන්නත් කා...