“කූ කූ කූ..... සමන්ත පුතේ බැහැපන් මයේ අම්මේ බිමට...”
“ඉජුහ් ඉජු.... සිරිමල්ගේ පුතේ බැහැපන්කෝ....”
“ඈ බොල ගයන්තයෝ උබ හිතුවද මේ බල්ලෙක් කියලා ඉජුහ් කියන්නේ.... පලයන් එහාට අවා මෙතන...”
“පුහ්.. අනේ උබේ මහලොකු සමන්ත ඕකට ගස් නැග්ගට මොකද බැහැගන්න බැ...”
“අනේ නිකන් හිටපන් උබට නගින්නත් බැ නෙ.....”
“සිරිමල්.... උබ දන්න තරම තමයි මට නැග්ගොත් උබට දුවන්න පාරවල් නැති වෙනවා....”
“එහෙනම් නැගපන්කෝ....”
“ඔව් උබත් ආස අති මට නගිනවට....”
අනේ අම්මේ උදෙන්ම පටන් ගෙන වලිය.... අද ඉස්කෝලේත් නැති නිසා මන් ටිකක් වැඩිපුර නිදාගන්න හැදුවා විතරයි....
මොනාද මුන් දෙන්නට නැගල තියෙන්නේ...
ගයන්ත ගෙයි සිරිමල් ගෙයි කතාව අහගෙන නිදි කඩ කඩම මන් මිදුලට අවා....
“අනේ සිහින ඔයා නැගිට්ටද.... අනෙ නගින්න්කෝ....”
“ඈ.....”
“වැඩක් නෑ සිරිමලෝ ඕකට නගින්නේ නැ....”
කියන්නේ මොනාද වෙන්නේ මොනාද කියලා තේරෙන්නේ නැති මට නගින්නෙත් නෑලු.... අනේ අම්මපා මේ ගයන්තයා අර තාත්තත් ගේ අස්සේ තියාගෙන කියන ඒවා....
“ඇයි සිරිමල් මොකෝ මේ ...”
“අර බලන්න සිහින....සමන්ත ගහේ... අනේ අරන් දෙන්නකෝ....”
මිදුලේ තිබ්බ වෙරළු ගහ උඩ නැගල බැහැගන්න බැරුව ඉන්න සමන්ත පෙන්න පෙන්න සිරිමල් කැ ගහනවා....
“හ්ම්ම්ම් කෝ ඉන්න....”
නිදි මතේම මමත් නැග්ගේ ගහට.....
“ඥාව්.....”
“හරි හරි කෝ එන්න සමන්ත එන්න....සිරිමල් ආ මෙයාව ගන්න....”
“මන් උස නැ නෙ.... ඉන්න ඉන්න..... මේ ඔඊ මාව උස්සනවකෝ.....”
ගයන්තගේ කරේ නැගල මගේ අතේ හිටපු පූස් පැටියා ගත්තයින් පස්සෙ මතක් උනේ මටත් නැග්ගට මොකද බැහැගන්න බැ කියලා...
“කෝ සිහින බහින්න....”
“අහ්හ් බහින්න.... ඔව්... බහින්න....”

YOU ARE READING
අවසන් සඳ....(completed)
Romance"හාමු හිතං ඉන්නේ ගමේම ගෑනු ඔයාට කියලද ඈ....." "අනේ නෑ... ගමේම ගෑනු නෙවෙයී.... ගමේම ගෑනු පස්සෙන් එන මේ ඉස්කෝලේ මහත්තයා නම් මට කියලා.......ම්ම්ම්ම්ම්ම්....." "හ්... හ්... හාමු........." "ම්ම්ම්ම්ම්ම්....මක්කද කියන්නේ.... මට බහ දෙනවද...... නොදුන්නත් කා...