“කෝ සුදු මහත්තයෝ... මෙහෙට එන්න....”
“ඉන්න කිරි අම්මේ....මේ ගැට පිච්ච ටික කඩන් එන්නම්....”
“හා හොදයි.... කෝ අර දරුවා.... සිරිමල් කොලුවත් දැන් එනවා ඇති....”
මන් හිටියේ ගැට පිච්ච ගහ අස්සේ රිංගගෙන මල් කඩ කඩ....
පන්සලේ හාමුදුරුවෝ අද ලොකු බෝධි පුජාවක් කරනවා කියලා කිරි අම්මත් ලෑස්ති උනේ පන්සල් යන්න ....“සුදු මහත්තයෝ මෙන්න....
දෙයියනේ මයේ අම්මා....”
“ඇයි ඇයි මොකෙද්ද.... කෝ....කොහෙද ...”
“දාගනින් දාගනින් ඔය ශිර්ට් එකේ උඩ බොත්තම් දෙක... ඔක්කොම එළියේ දාගෙන යන්න.... තුහ් තුහ් තුහ්.....”
“අනේ කිරි අම්මේ මොකද ඔය කෙල ගහන්නේ....”
“ඈ මේ ඇස්වහ කටවහ අරිනව. බොල ... එක්කෝ සුදු මහත්තයා උබ නෑවිදින් හිටහන්.....”
පන්සල් අරන් යන්න ගත්ත පන් මල්ලත් අරන් කිරි අම්මා මිදුලට ඇවිල්ලා මගේ වටේටම කෙල ගැහුවා.....
දෙයියනේ මේ කිරි අම්මා හිතන දුරක්....
“මේ දැන් ලෑස්ති උන එකනේ.... මන් ඔයා ලගින් හෙල්ලෙන්නේ නැතුව ඉන්නම්කෝ හරිද....”
“අනේ මන්ද බන්..හ්ම්ම්ම් හ්ම්ම් මන් ලගින්ම හිටහන් සුදු මහත්තයා ....”
මම කිරි අම්මා ඇදන් හිටපු ඔසරියේ පොටත් කරකව කරකව අහද්දී නෝක්කාඩුවට වගේ හ්ම්ම්ම්ම් කිව්වෙ අර ඩබලත් කොහේදෝ ඉදන් මල් වගයක් උස්සන් අපි ඉන්න පැත්තට එද්දී......
“අඩෙහ් අම්මේ.... මෙන්න බලපං සිරි... අනේ අම්මේ උබේ ලස්සන... අඩෝ උබ හරි පිං පාටයි බන්.... ආදරේ හිතෙනවා.උම්ම්ම්ම්මැහ් ....නැද්ද සිරි...”
“නැතුව නැතුව ... දැන් නම් මට උස්සගෙන යන්න හිතයි දැන් නම් අපේ සිහිනව.....”
“එහාට වෙනවා බලු කෙල ගාන්නේ නැතුව....”
කොහෙද ඉදන් ආපු සිරිමලුයි ගයන්තයි මගේ ඇගේ එල්ලිලා මාව ඉබිද්දී කිරි අම්මා ආයේ පරල වෙන්න ගත්තා.....
“හාහා මෙන්න බලපංකො මුන් දෙන්නා .... හරි අපුරුයි කතාව..... යන්නේ නැ සුදු මහත්තයා... පලයන් ගෙට... උබත් එක්ක මට යන්න බැ... අන්තිමට මට වෙන්නේ.....”

YOU ARE READING
අවසන් සඳ....(completed)
Romance"හාමු හිතං ඉන්නේ ගමේම ගෑනු ඔයාට කියලද ඈ....." "අනේ නෑ... ගමේම ගෑනු නෙවෙයී.... ගමේම ගෑනු පස්සෙන් එන මේ ඉස්කෝලේ මහත්තයා නම් මට කියලා.......ම්ම්ම්ම්ම්ම්....." "හ්... හ්... හාමු........." "ම්ම්ම්ම්ම්ම්....මක්කද කියන්නේ.... මට බහ දෙනවද...... නොදුන්නත් කා...