පස්වන දිගහැරුම

8.9K 699 88
                                        

“එහෙනම් මන් ගිහින් එන්නම්...”

“ඔය ගමන යන්නම ඕනෙද සුදු මහත්තයෝ....”

“නොගිහින් බෑනේ කිරි අම්මේ... පොඩි කාලේ ඉදන් එකට හිටපු කොල්ලෙක් ගේ දෙයක් නෙ... මටත් කරදර උනාම නිතරම මන් එක්ක හිටපු උන් නෙ...”

“ඇවිල්ලා සති දෙකක් නෑ නෙ සුදු මහත්තයෝ... මගේ නම් මනාපයක් නෑ ඔය නගරේට ගාටනවාට...”

“බය වෙන්න එපා කිරි අම්මේ... මට නුහුරු තැනක් යැ.. මන් පුළුවන් ඉක්මනින් එන්නම්කෝ.... සීයේ මන් යනවා....”

කිරි අම්මටයි සීයටයී වැදලා මන් ආපහු එන්න පිටත් උනේ පොඩි කාලේ ඉදන් එකට හිටපු ගයන්තගේ තාත්තා හැප්පිලා කියලා දැනගත්ත ගමන්මයි...

“ඉක්මනින් එන්න සිහින.... ඔයා නැතුව ගේ පාලුවට ගිහින් තියෙයි....”

උදේ බස් එකට මාව දාන්න ආපු සිරිමල් කුටු කුටු ගගා කියද්දී මට හිනත් ගියා.... ඔය මොනවා කිව්වත් මුට හරි දුකයි වගේ....

ටිකක් දුර එනකොට අපිට හම්බුනේ සකුන්තලාව උනත් මාව දැක්කේ නෑ වගේ යන්න ගියේ ඒක මට මේ දවස් කීපෙට ඕක අමුත්තක් නොවෙද්දී....

එදා හාමු ඇවිල්ලා යන්න ගියත් හරි සකුන්තලා මගේ මූන බලලා කතා කරේම නැති තරම්.... ප්‍රශ්න ඕනේ නැති නිසාම මමත් බලෙන් කතාවට ගියේ නෑ...
සකුන්තලා මාව මග අරිනව වගේ හේතුවක් නැතුවම මමත් පොඩි හමුව මග ඇරියේ මගේ හිත කියාපු නිසා......
























“මේක බිලා ඉන්න පුතේ....තනියම ඔය තරම් දුර ගෙවන් ආවේ....”

“කමක් නෑ ආන්ටි... මු විස්තරේ කියාපු වෙලේ ඉදන් මට මොකද්ද වගේ.... බය වෙන්න එපා අන්කල්ට මහා ලොකු අමාරුවක් නෑ නෙ.....”

“ඔව් පුතේ.. කකුල තමයි... දොස්තර කිව්වෙත් ඇවිදින්න කල් යයි කියලා....”

“ආන්ටි, සිංහල වෙදකම විශ්වාස කරනවා නම් මන් දෙයක් කියන්නද...”

“මොකද පුතේ නැත්තේ.... මාත් මේ ආයුර්වේදේට වත් එක්ක යන්න කියලා බැලුවේ... ඇයි පුතා හොද වෙදෙක් දන්නවද....”

“හ්ම්ම්ම් ඇන්ටිට පුළුවන් නම් අපේ සීය හොද වෙදෙක්... අන්කල් ව එක්ක ගිහින්....”

අවසන් සඳ....(completed)Where stories live. Discover now